අධිකරණයට වෘත්තීය සුදුසුකම් ගැන තීන්දු ලබාදෙන්න බැහැ – පුබුදු ජයගොඩ

අධිකරණයට වෘත්තීය සුදුසුකම් සම්බන්ධයෙන් තීන්දු ලබාදීමට නොහැකි බව සයිටම් සිසුවියට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන ලෙස ලබාදුන් අධිකරණ තීන්දුව පිළිබඳ අදහස් දක්වමින් පෙ.ස.ප. අධ්‍යපන ලේකම් පුබුදු ජයගොඩ පවසා තිබේ.

අද (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පුබුදු ජයගොඩ පවසා සිටියේ 1929 වෛද්‍ය ආඥා පනත අනුව වෛද්‍යවරුන්ගේ සුදුසුකම් තීරණය කිරීමේ බලතල තිබෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බවයි.

එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ “රියදුරු බලපත්‍ර නිකුත්කිරීමේ බලතල ලබාදී තිබෙන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවටයි. නමුත් කවුරුන් හෝ කෙනෙක් තමන් රජයේ ලියාපදිංචි රියදුරු පාසලකින් පුහුණුව ලබලා තියෙනවා. ප්‍රමිතිය නොමැති බව කියමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඔහුට රියදුරු බලපත්‍රය ලබා නොදීම හේතුවෙන් ඔහුගේ අයිතීන් කඩවී ඇති බව පවසමින් වහාම ඔහුව රියදුරෙක් ලෙස පිළිගන්න නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලුව පමණින් වහාම මේ තැනැත්තාට රියදුරු බලපත්‍රයක් නිකුත් කරන ලෙස අධිකරණය නියෝග කරනවද? එහෙම කරන්න බැහැ. “

Sithara Sajeewani :