ආණ්ඩුව සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් පාස්කු ඉරිදා ප්‍රහාරය තම තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් යොදාගනිමින් බොරදියේ මාළු බාමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. අද (29)පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ප්‍රහාරය යොදාගනිමින් ආණ්ඩුව ජනතාව තුළ භීතිය වපුරමින් ජනතාව මර්දනය කිරීම සඳහා නව නීති ගෙන ඒමට සුදානම් වන බවයි.
මෙහිදී ඔහු දැක්වූ අදහස් වල සංක්ෂිප්තයක් පහත දැක්වේ.
“රනිල් වික‍්‍රමසිංහ ඇතුලු ආණ්වුව වගේම සන්ධානය, ඒකාබද්ධ විපක්ෂය, විවිධ දේශපාලන කොටස් තම තමන්ගේ බල උවමනාවන් සඳහා පාස්කු ඉරිදා සිදු වු ඛේදවාචකය යොදාගනිමින් ඉන්නවා. මේ වෙද්දී අන්නවාදීන්ගේ ප‍්‍රහාරය භාවිතා කරමින් ආන්ඩුව භීතිය වපුරමින් ඉන්නවා. මේ භීතිය යොදාගනිමින් ජනතාවගේ අනෙකුන් සියලූ ප‍්‍රශ්න යටගසමින් ඉන්නේ.
වැටුප් ප‍්‍රශ්න, සොඛ්‍ය පිළිබඳ ප‍්‍රශ්න , අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රශ්න, පරිසරය පිළිබඳ ප‍්‍රශ්න, දරාගන්නබැරි ජීවන වියදම, පාරිසරික ප‍්‍රශ්න. ඇතුලූ ජනතාවගේ සියලු ප්‍රශ්න මෙ හරහා යට ගසමිනුයි ඉන්නේ. අපි මේක කියන්නේ අන්තවාදී ප‍්‍රහාරය සිදුවෙලා සතියකට පසුවයි. ජනතාවට ඉදිරියට එය හොඳින්ම දැකගන්න පුළුවන් වේවි.
ඒ වගේම දෙවනි කාරණය තමයි මෙය දඩමීමා කරගනිමින් ජනතාව මර්දනය කිරීම සඳහා නව නීති ගේන්න ආණ්ඩුව සූදානම් වනවා. ඊයේ අග‍්‍රාමාත්‍යවරයා විශේෂ ප‍්‍රකාශයක් කළා බොහොම ඉක්මනින් ප‍්‍රතිත‍්‍රස්ත පනත පාර්ලිමේන්තුවේ සම්මත කරනව කියලා. ආණ්ඩුවට මේ පනත සම්මත කිරීම ප‍්‍රමාද කරදන්න සිදුවුයේ ජනතා විරෝධය නිසයි. දැන් නැවතත් ප‍්‍රති ත‍්‍රස්ත පනත කරලියට ඇවිත්.
අග‍්‍රාමාත්‍යවරයා කියනවා අන්තවාදී කණ්ඩායම් මර්ධනය කරන්න නීති ප‍්‍රමාණවත් නෑ කියලා. අපි කියනවා 1979 සම්මත කරගත් ත‍්‍රස්තවාදය වැලැක්වීම් පනතේ ප‍්‍රතිපාදන ඒ සඳහා ප‍්‍රමාණවත් කියලා. එය සම්මත් කරග්න්තේ තාවකාලිකව කියලයි. එම පනත හරහාත් විශාල ලෙස රටේ ජනතාව මර්දනය කළා. සමාජයේ එම පනතටත් විශාල අප්‍රසාදයක් තිබුනා. එයින් විශාල මර්දනයක් ජනතාට මුදාහැරිය නිසා එයත් අහොසි කරන්න ඉල්ලීම් ඉදිරිපත්වෙමින් තිබුනේ. ඒ පනතේ මෙම අන්තවාදී කණ්ිඩායම් මර්දනය කරන්න ප‍්‍රතිපාදන තිබෙනවා.
ඒ වගේම වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍ය වරයාට අපි මතක්කරල දෙන්න ඕන එල්ටීටීඊ සංවිධානයත් විදේශ රටක පුහුනුවෙලා තමයි ලංකාවට ආවේ. ඔවුන් ඉන්දියාවේ පුහුණු වෙලයි ආවේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ පිරිස් විදේශ රටක පුහුණු වෙලයි ලංකාවේදී ප‍්‍රහාර එල්ල කලේ. දැන් රනිල් වික‍්‍රමසිංහ කියනවා විදේශ රටක පුහුනු වුණු අයිඑස් සංවිධානයට සම්බන්ධ කණ්ඩායමකට එරෙහිව කටයුතු කරන්න නීති නැති බව. මේක පිළිගන්න බැහැ. අපි මතක් කරනවා 2012 එක්සත් ජාතීන්ගේ රීති මාලාවක් ඉදිරිපක්කළා. ඒකට ලංකාවත් අත්සන් කළා වගේම එය ගැසට් කලා. ඒ රීති්මාලාවේ පැහැදිලිව සඳහන් වෙනවා අයි.එස්. සංවිධානයට සම්බන්ධ සංවිධාන තහනම් කළ හැකි බවටත්, ඔවුන්ට අයිත් දේපළ රාජසන්තක කළ හැකි බවත්. දැන් පැහැදිලියි මේ අන්තවාදී සංවිධානයට එරෙහිව කටයුතු කිරීමට පවතින නීති හොඳටම ප‍්‍රමාණවත් කියලා. රාජ්‍ය ඔත්තු සේවා වෙලාසන මෙවැනි ප‍්‍රහාරයක් සිදුවන බව දැනුම් දී තිබියදී එම විනාශය නැවැත්වීමට කිසිම දෙයක් නොකර බලා සිටි ආණ්ඩුව දැන් නව නීති ගෙන ඒමට උත්සාහ කිරීම අපට තේරුම් ගන්න පුළුවන්.
ආණ්ඩුව මේ ප‍්‍රහාරය භාවිතා කරමින් ජනතාව මර්දනය කරන්න අලූත් නීති ගේන්න මේ උත්සාහ කරන්නෙ. අපි ජනතාවට මීට පෙර ප‍්‍රතිත‍්‍රස්ත පනත පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළා. නමුත් නැවතත් මතක්කරන්නම්. ප‍්‍රතිත‍්‍රස්ත පනතට අනුව ත්‍රස්තවාදී කි‍්‍රයා මොනවද කියන එක 3වන වගන්තියේ නම්කර තිබෙනවා. එයට අනුව ලංකාවේ ආණුඩුවට හෝ වෙනත් ආණ්ඩුවකට එරෙහි කුමන ආකාරයේ හෝ කි‍්‍රයාමාර්ග ගැනීම ත්‍රස්තවාදී ක‍්‍රියා ලෙස නම්කර තිබෙනවා. එයට අනුව උද්ඝෝෂණ, වැඩවර්ජන, සත්‍යග‍්‍රහ, පති‍්‍රකා බෙදාහැරීම් යන මේ සියල්ල ත‍්‍රස්තවාදී ක‍්‍රියායි. පොදුදේපලවලට හානි සිදුවීම, යටිතල පහසුකම් වලට හානි සිදුවීම, පොදු දේපල අත්පත්කර කරගැනීම වගේම සෞඛ්‍යට, අධ්‍යාපනයට ප‍්‍රශ්න උනොත් ඒ සියල්ල ත‍්‍රස්ත‍්‍රවාදී කි‍්‍රයායි. මේ පනත මගින් සමාජයේ සියලූ දේශපාලන කි‍්‍රයාකාරකම් වළලා දැමීමට නියමිතයි. මේ පනත සම්මත වුවහොත් ජනතාවට ආණ්ඩුවේ වැරැද්දකට එරෙහිව සිදු කළ හැකි වන්නේ පරුෂ වචනයෙන් බැනවැදීම විතරයි. බැන වැදීමත් හිතින් පමණයි කරන්න වෙන්නෙ. සියලූ දේශපාලන කි‍්‍රයාමාර්ග ජනතාවගෙන් උදුරාගන්න තමයි මේ පනත ගෙන එන්නේ. එනිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ප‍්‍රතිත‍්‍රස්ත පනතට එරෙහිව වෘත්තිය සමිත්, සිවිල් කි‍්‍රයාකරිකයින්, බහුජන සංවිධාන එක්ක කටයුතු කරන්න සූදානම්. පසුගිය කාලය පුරාත් එයට එරෙහි ක‍්‍රියාමාර්ග සඳහා අප සම්බන්ධ වුණා. ඉදිරියටත් අපි ජනතාව සම්බන්ධ කරගෙන මෙම මර්දන නීතිවලට එරෙහිව අරගලයක් සංවිදානය කරමින් එය පරාජය කරන්න කටයුතු කරනවා.