අපේ‍්‍රල් අරගලයේ 48 වැනි සමරුව!

1971 අපේ‍්‍රල් අරගලයේ 48 සැමරුම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් හෙට(5) රටේ ස්ථාන 6කදී සමරු උත්සව පැවැත්වීමට නියමිතය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේ‍්‍රල් විරු සමරු ගාල්ල ඉමදූව, කෑගල්ල සහ පොළොන්නරුවේදී පැවැත්වීමට නියමිතය. ජනතා විමුක්ති පෙරමුණ සමරු උත්සව පවත්වන්නේ අනුරාධපුර මහනුවර සහ මාතරදීය. පෙ.ස.ප. සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් ගාල්ල ඉමදූවේදී, ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක කෑගල්ල තැපැල් ශ‍්‍රවණාගාරයේදී සහ පාලක ලේකම් චමීර කොස්වත්ත පොළොන්නරුවේදිත් අපේ‍්‍රල් විරු සමරු දේශන පැවැත්වීමට නියමිතය.
ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අනුරාධපුරයේදී, කේඩී.ලාල් කාන්ත මහනුවරදී සහ සමන්ත විද්‍යාරත්න මාතරදී සමරු දේශන පවත්වනු ඇත.
පෙ.ස.ප. සිය අපේ‍්‍රල් විරු සමරුවට තේමා කරගන්නේ ‘ශ්‍රේෂ්ඨ පරාජයක්-නොමියෙන අරමුණක්!’ යන්නය.
ලංකා ඉතිහාසයේ පළමුවරට සමාජවාදය අරමුනු කරගෙන අවිගත් නැගිටීමක් ලෙසද පළමු රාජ්‍ය විරෝධී මහජන නැගිටීම ලෙසද 71 අපේ‍්‍රල් අරගලයට සුවිශේෂිත්වයක් හිමිව තිබේ. විශේෂයෙන්ම තම උස් අරමුනු වෙනුවෙන් සාමුහිකවත්, කැපකිරීම් සහිතවත් නැගී සිටි තරුණ පරම්පරාවක් ඔවුන් සතු සියලු දුබලතා තිබියදී වුවද වර්තමාන වාම දේශපාලන අරගලයට ආදර්ශයක් ලබාදී ඇති බව පෙ.ස.ප. අපේ‍්‍රල් අරගලය පිළිබද නිවේදනයකින් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කරයි.

Chandana Sirimalwatte :