Posted on 06.23.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඒ්කාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් ගෙන ගිය අරගලයේ තවත් ජයග්‍රහණයක් සලකුණු කරමින් අභ්‍යාසලාභී රාජ්‍ය නිලධාරිනියන් වෙත ලබාදී ඇති දින 42 ප්‍රසූත නිවාඩුව, දින 84 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් අද(23) පාර්ලිමේන්තුව අමතමින් මේ සම්බන්ධ තීරණය ප්‍රකාශයට පත්කර ඇත.
එහිදී ඇමතිවරයා මෙසේ පවසා ඇත.
“2020 වසරේ බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ට ප්‍රසූත නිවාඩු ලෙස දින 42 ක් පමණක් අනුමත කර ඇති බවත් ඔවුන්ගේ නිවාඩු සංඛ්‍යාව ද අනිකුත් රාජ්‍ය සේවිකාවන්ට ලබාදී ඇති ප්‍රසූත නිවාඩු දින 84 දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා”