Posted on 03.03.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බත්තරමුල්ල අපේගම පරිශ්‍රෙය් ඉදිකෙරෙමින් පැවති අමරදේව අසපුවේ ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දමා ඇති බව වාර්තා වේ. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්තුව පවරන ලද පෞද්ගලික සමාගමේ ඉදිකිරීම් කටයුතු ගැන සෑහීමකට පත්විය නොහැකි බැවින් කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කිරීමට ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි.
මේ හේතුවෙන් මෙහි ඉදිකිරීම් කටයුතු කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවට හෝ නාවික හමුදාවට බාර දෙන්නැයි තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන් මෙරට සංගීත ක්ෂේත්රයට කරන ලද ජාතික මෙහෙවර අගය කිරීම සඳහා මෙම අමරදේව අසපුව ඉදිකිරීමට ආරම්භ කරනු ලැබුවේ එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන විසිනි.
බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පර්චස් 100 ක භූමි ප්‍රදේශයක් ඒ සඳහා වෙන්කර ඇති අතර අමරදේව අසපුව ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 25 කි.