Posted on 12.04.2020 by Chandana Sirimalwatte in කලා, දේශීය පුවත් with 0 Comments
අභාවයට පත් සංගීතවේදී ඩබ්.ඩී.අමරදේව අනුස්මරණය කරමින් සංගීත ආශ්රමයක් පිහිටුවීම පිණිස පිණිස, 2017 වසරේ මුල්ගල තබනු ලැබූ ‘අමරදේව අසපුව‘ ඉදිකිරීම් නවතා දමා ඇතැයි වාර්තා වේ.
2016 නොවැම්බර් 3 වැනිදා අබිවයට පත් අමරදේවයන් වෙනුවෙන් 2017 අගෝස්තු 28 වැනිදා, බත්තරමුල්ල අපේ ගම ආසන්නයේ භූමියකදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු කලාකරුවන් පිරිසක් එක්ව මෙම කලා ආශ්‍රමය සඳහා මුල් පියවර තබනු ලැබිණි.
කෙසේවෙතත් ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ වරින්වර ඉදි කිරීම් දුර්වල වෙමින් පැවති මේ ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව වත්මන් ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නවතා දමා ඇත. මෙම සංගීත ආශ්රමයේ ඉදිකිරීම් සිදුකළ කොන්ත්‍රාත්කරු ඉවත්කර ඇති අතර නව කොන්ත්‍රාත්කරුවකු සම්බන්ධ පියවර ගැනීමක්ද සිදුව නැත.
මෙම කාර්යයට මුල්ගල තැබූ පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා මේ වනවිට පොදු ජන පෙරමුණු ආණ්ඩුවේ මන්ත්‍රිවරයකු ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටී. එහෙත් අමරදේව ආශ්‍රමය සම්බන්ධ පසු විපරමක් කිරීමට පවා වගකිව යුත්තෙක් නැති බව දැනගන්නට ඇත.