මහින්ද රාජපක්ෂ පාලනය සමයේ අත්සන් කළ ආරක්ෂක සහාය ගිවිසුම අනුව ත්‍රිකුණාමලය ආශ්‍රිත අමෙරිකන් කදවුරක් ගොඩනැගීමත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මිලිටරි භාණ්ඩ ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීම නිසා ලංකාවේ ස්වාධිපත්‍ය උල්ලංඝනය කිරීමක් සහ ජනතාව ආරක්ෂක අවදානමකට ඇද දමා ඇත.
සිවිල් ගුවන් සේවා නීති හා ප්‍රඥප්ති අනුව, මගී ගුවන් සේවා පවතින ගුවන් තොටුපළ මිලිටරි කටයුතු සදහා භාවිතය අතිශය අවදානම් තත්වයක් ඇතිකරන අතර අමෙරිකන් හමුදාවට සැපයුම් පිණිස ලංකාවේ කීර්තිමත් ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිතයට පහසුකම් ලබාදීම නිසා එම තත්වය ඇතිවී තිබේ. එක්සත් ජනපදයට මිලිටරි සහාය සදහා රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් එවකට අමෙරිකන් තානාපති රොබට් ඕ බ්ලේක් සමග අත්සන් කළ ගිවිසුම අනුව වත්මන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවද කටයුතු කරන අතර මේ වනවිට ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත කලාපයක් එක්සත් ජනපද හමුදා කදවුරක් සදහා වෙන්කිරීමේ ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු සූදානම් කර ඇත. එම කටයුතු ආරම්භ කිරීමේ අරමුණින් එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන්යානා ගෙන යන USS John C. Stennis යුද නෞකාව ත්‍රිකුණාමලය වරායට පැමිණ තිබේ. එසේම සේවා සැපයුම් යානාවලින් බහරේන්හි පිහිටි මැදපෙරදිග කලාපීය අමෙරිකන් යුද මධ්‍යස්ථාන කදවුරේ සිට කටුනායක ගුවන්තොටුපළට ගෙන එන මිලිටරි භාණ්ඩ ගොඩබෑම දැන් ආරම්භ කර ඇත. මේ අනුව එම මිලිටරි භාණ්ඩ රටතුළ ප5වාහනය සිදුකිරීම ආරම්භ කෙරෙන අතර ගොඩබිම හරහා හෝ ලංකාවේ මුහුදු මාර්ගයෙන් ඒවා ත්‍රිකුණාමලයේ එක්සත් ජනපදයට අයත් මිලිටරි සේවා කදවුරකට ගෙනයාම ිදුකරන බව දැනගන්නට ඇත.