Posted on 12.07.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අයවැය වැය ශීර්ෂ විවාදයට ගැණෙන කාල සීමාවේදී අයවැය ඉදිරිපත්කළ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතු වුවත් මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට මුදල් ඇමතිවරයාගේ සහභාගිත්වයකින් තොරව විවාදයක් ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී විමසීමක් කර තිබේ.
අයවැය විවාදයට නොසිට ඔහු ඉන්දියාවට ගියේ කුමන කාරණයක් මතද යන්න පිළිබඳවද රනිල් වික්‍රමසිංහ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගෙන් විමසීය.
අයවැය විවාදය පැවැත්වෙන විට පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ රාජ්‍ය ඇමතිවරයා නොව අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා බව ද රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
මේ අතර ශ්‍රී ලංකාව තුළ පවතින විදේශ සංචිත ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් නොකරන්නේ ඇයිද යන්න පිළිබඳවත් වික්‍රමසිංහ මහතා විමසීමක් කරන ලදී.
මීට පෙර අයවැය දෙවැනිවර කියවන අවස්ථාවේදීද මුදල් ඇමතිවරයා සභාව තුළ නොසිටින ලදී.