සිංගප්පූරුවේ සිටින බව කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට භාරදෙන ලෙස කළ ඉල්ලීමකට එරට ආණ්ඩුව නිසි ප්‍රතිචාර දක්වා නැති බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.
අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට භාර දෙන ලෙස රජය විසින් සිංගප්පූරුවේ ආණ්ඩුවට කළ දැනුම්දීමට කිසිදු සහායක් නොදැක්වූ බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයකුගේ බවටවන ප්‍රතිචාරයක් පසුගිය දිනවල අවධානයට ලක් විය. එයින් කියැවුණේ අධිකරණ ක්‍රියාවලියේදී අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධව ඇති චෝදනා සහ ඔහු අවශ්‍යවන්නේ කුමන නීතිමය පදනමක් යටතේද යන්න ලංකා ආණ්ඩුවෙන් විමසා සිටි නමුත් එයට තවමත් ලංකාවෙන් නිල පිළිතුරක් හෝ පැහැදිලි කිරීමක් නොලැබුණු බවය. කෙසේ නමුත් සිංගප්පූරුවේ රජයෙන් නිල වශයෙන් තමන් වෙත පිළිතුරක් තවමත් ලැබී නැති බව විදේශ අමාත්‍යංශයෙන් නිවේදනය කර ඇත.