Posted on 03.29.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
තමන්ගේ වගකීම අවසන්ව ඇති හෙයින් අරුවක්කාඩු කසළ අංගනය ගැන තීරණයක් ගත යුත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බව මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. පාර්ලිමේන්තුවේ පැවති වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ඔහු පවසා තිබුණේ ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායක අරුවක්කාඩු, ජාතික ප්‍රශ්නයක් ලෙස සිතා බැලිය යුතු බවයි.
තමන්ට පැවරී තිබුනේ කසළ අංගනය ඉදිකිරීමේ වගකීම බවත් තමන් එය අවසන් කර ඇති බැවින් එය ක්‍රියාකරවීම දේශපාලන තීන්දුවක් බවයි පාඨලී චම්පික පවසන්නේ.
ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ ” කසළ අංගනය තියෙන්නේ පුත්තලමේ නෙමෙයි. වනාතවිල්ලුව ප්‍රදේශයේ. වනාතවිල්ලුව ප්‍රදේශයේ කවුරුවත් මේකට විරුද්ධ නැහැ. කසළ අංගනයට විරුද්ධ වෙන පිරිසට දේශපාලන න්‍යායපත්‍රයක් තිබෙන බව පැහැදිලියි”