Posted on 03.22.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද(22) පුත්තලම දිස්ත්‍රික්කයේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමට නියමිතව සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ජනතා විරෝධය නිසා එම කටයුතු අත්හැර දමා හවස් කාලයේ උත්සවයකට දුෂ්කරතා මැද සහභාගි වී යළි හෙලි කොප්ටරයෙන් පිටත්ව ගොස් ඇත. මේ ආකාරයට ජනාධිපතිවරයාට විවෘත කිරීම් අවස්ථා අත්හැර යන්නට සිදුව තිබුණේ අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිසක් අද පුත්තලමට පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවීමට කමන්ට අවස්ථාව දෙන්නැයි ඉල්ලීම් කළ නිසාය. ජනතාව විසින් ජනාධිපතිවරයා හමුවන්නට රැස්කෑම හා විරෝධතා දැක්වීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රිපාලට සහභාගීවීමට තිබු වැඩසටහන් කිහිපයක් වෙනස් කිරීමට සිදුව තිබේ.
ජනාධිපතිවරයා මෙසේ පුත්තලම නගරයට ගොස් ‘ග්‍රාම ශක්ති‘ වැඩසටහන සමාරම්භක අවස්ථාවට හා එම නගරයේ විවෘත කිරීම් කිහිපයක් සඳහා කටයුතු සැලසුම්කර ඇත..
උදය වරුවේදී ජනාධිපතිවරයා සහභාගී වීමට තිබු පළමු උත්සව සභාව අසළ උද්ඝෝෂකයන් රැඳී සිටීම හේතුවෙන් පඑම කාර්යයට සහභාගී නොවූ ජනාධිපතිවරයා දිනයට අවසාන වශයෙන් සහභාගී වීමට තිබු වැඩසටහන පැවති ස්ථානයට ගොස් සිය කතාව අරම්භ කළේය. කෙසේවෙතත් පුත්තලම පොලීසිය විසින් මෙම උද්ඝෝෂණය නැවැත්වීම සඳහා අධිකරණ නියෝගයක් ගෙන තිබුණ ද අධිකරණ නියෝගය ද නොතකා ඔවුහු විරෝධතාවයෙහි නියැලී සිටිති.
ජනාධිපතිවරයා හමුවී මෙම කසල ප්‍රශ්නය පිළිබඳව තමන්ට සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස විරෝධතාකරුවන් පඉල්ලා සිටි නමුත් ඊට අවසරයක් ලබාදිය නොහැකි බව පවසා ආරක්ෂක අංශ මැදිහත්වී උද්ඝෝෂකයෝ නැවැත්වීමට කටයුතු කර ඇත. පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථද කැඳවා විරෝධතාකරුවන්ට පහරදුන් බවට ජනාධිපතිවරයාට සම්බන්ධ දේශපාල,යෝ පවසති.