පුත්තලම අරුවක්කාලුවේ ඉදිකිරීමට නියමිත කසළ අංගනය පිළිබඳ අදහස් දක්වමින් ඔවුන් කළ කිසිම කටයුත්තක් වරද්දාගෙන නොමැති බවත් ආරම්භ කළ සෑම ව්‍යාපෘතියක්ම සාර්ථකව ඉදිරිපත් කර තිබෙන බවත් පාඨලී චම්පික රණවක පවසා තිබේ. එසේම මෙය විධිමත් විද්‍යාත්මක විසඳුමක් බැවින් කසළ අංගනයට විරෝධය පලකරන පිරිසගෙන් ජනතාව නොමඟ නොයවා මෙම විසඳුමකට ඉඩ ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත.
1996 සිට කොළඹ කුණු අපිට එපා කිව් බැවින් ඒවා ගෙනගොස් වඟුරු බිම්වල ගොඩ ගසා කුණු කඳු හැදුවා මිස විධිමත් වැඩපිළිවෙලකට කටයුතු නොකළ බවත් කුණු කඳුවලට මිනිසුන් යට වූ බව ඔහු පවසා තිබේ. ඒ අනුව මෙවර එය වැළක්වීම සඳහා විධිමත් විද්‍යාත්මක ක්‍රමයකට එය සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත .
පුත්තලම, අරුවක්කාලු කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩබිමේ කටයුතු නවත්වන ලෙසත් ප්‍රදේශයට බැහැරින් කසළ රැගෙන ඒම නවත්වන ලෙසත් ඉල්ලමින් එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවයක නිරත විය.
පාඨලී චම්පික ඇමතිවරයා මෙලෙස පැවසුවද පසුගියදා හෝමාගම දෙල්ගහලන්ද ප්‍රජා ශාලාවේදී පැවති තාක්ෂන නගරය ව්‍යාපෘතිය සම්බන්ධ විස්තර කිරීමේදී එයින් සිදුවන ඉඩම් පවරාගැනීම් හෝ පාරිසරික විනාශය සම්බන්ධ පැමිණ සිටි ජනතාව ඇසූ ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරක් ලබාදීමට ඇමතිවරයාට හෝ ඇමතිවරයා සමග පැමිණි නිලධාරින්ට නොහැකි විය. එසේම මෙහිදී මෙම ව්‍යාපෘතිය කාලයෙන් කාලයට විවිධ වෙනස්කම්වලට ලක්වීම පිළිබඳවද පිළිතුරු දී ගත නොහැකිවූ පාඨලී ඇමතිවරයාට සිදුවූවේ ජනතාවගේ විරෝධය සහ හූ හඬ මධ්‍යයේ එම ස්ථානයෙන් නික්ම යාමටයි.