Posted on 10.02.2020 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
පිටුවහල් කිරීමේ නඩු විභාගයකට මුහුණ දෙමින් ලන්ඩනයේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ රඳවා ඇති විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් මානසික පීඩාව අධිකවීමෙන් සියදිවි නසාගැනීමේ අරමුණින් පසුවන බව අනාවරණය වේ.
ඔහු පරික්ෂා කළ මනෝ වෛද්‍ය විශේෂඥයකු පවසා ඇත්තේ රෝග ලක්ෂණ අනුව, අසාන්ජ් දැඩි මානසික පීඩාවකින් පසුවන අසාන්ජ් සියදිවි නසාගැනීමේ අවදානමක් ඇති බවය.
තමා නිතරම සිහිනයෙන් බියපත්වන බවත් සියදිවි නසාගැනීමේ අරමුණින් ඇතැම් අවස්ථාවල ක්‍රියාකළ බවත් අසාන්ජ් පූජකවරයකු හා පාපෝච්චාරණයක් ලෙස පවසා ඇත. එම දිවි තොරකර ගැනීම සඳහා පූරව් සූදානමක් ලෙස අවසන් කැමැත්ත සකස් කළ බවද ඔහු එහිදී අනාවරණය කර ඇත. පසුගිය දිනවල ඔහු සිටින රැඳවුම් කුටියේ තිබුණු ලණු සහ රේසර් තලයක් ඉවත් කළ බව බන්ධනාගාර නිලධාරිහු පවසති.
ලන්ඩනයේ කිංග්ස් කොලෙජ් සම්මානිත මහාචාර්යවරයකුවන මයිකල් කොපල්මාන් විසින් විකික්ස් නිර්මාතෘවරයා පරික්ෂා කිරීමෙන් පසුව මෙම කරුනු ප්‍රකාශයට පත්ව ඇත.
පසුගියදා අසාන්ජ්ගේ නඩු විභාගය හමුවේ කරුණු දැක්වීමට කැඳවන ලද මහාචාර්ය කොපල්මාන්, තමන් විසින් 20 වාරයක් පමන අසාන්ජ් පරික්ෂාකර ඇති බවද උද්ගතව ඇති තත්වය අතිශය අවදානම් බවද කරුණු දක්වා ඇත.
ඇතැම් අවස්ථාවල විවිධ ශබ්ද ඇසෙන බවට අසාන්ජ් මැසිවිලි නගා ඇත. ඔහුට මින් පෙර සංගීත නාද ඇසෙන තත්වයක් තිබුණු බවද එහිදී ප්‍රකාශයට පත්ව තිබේ.
‘උඹ දූවිල්ලක්, දැනටමත් මැරිලා, අපි එනවා උඹව අල්ලගන්න” වැනි ආකාරයෙන් ඇතැමුන් තමන්ට ඇසෙන බව අසාන්ජ් මනෝ විශේෂඥයාට පවසා ඇත.
චෙල්සි මැනින් සමග එක්සත් ජනපදයේ පෙන්ටගන් ආරක්ෂක මූලස්ථානයේ තොරතුරු අනාවරණය කිරීම සම්බන්ධව චෝදනා සඳහා අසාන්ජ් ගෙන්වා ගැනීඹ අමෙරිකානු බලධාරින්ගේ අරමුණ වී ඇත. ඒ සඳහා ලන්ඩනයේ අධිකරණයෙන් පිටුවහල් කිරිමේ අවසර ගෙන එක්සත් ජනපදයට චූදිතයා ගෙන්වා ගැනීමෙන් පසුව ඔහුට පැවරෙන නඩු කිහිපයකදී අවුරුදු 175ක් දක්වා සිරගත කිරීමේ අවදානමක් ඇති බව නීති විශ්ලේෂකයෝ අනුමාන කරති.
බන්ධනාගාරයේ රැඳී සිටින අවස්ථාවේ ලබාගත් අසාන්ජ්ගේ වයසට වඩා දුර්වල පෙනුමැති මුහුණ මාධ්‍ය වෙත ලැබී තිබේ.
