පලස්තීන වැසියන්ව ඝාතනය කිරීමට එරෙහිව විරෝධය පා ආජන්ටිනාව ඊශ්‍රායලය සමග ලෝක කුසලානයට සමගාමීව පැවැත්වීමට නියමිතව පාපන්දු තරගය නොපැවත්වීමට තීරණ කර තිබේ.
ආජන්ටිනා විදේශ ඇමැතිවරයා පවසා තිබෙන්නේ සිය පාපන්දු ක්‍රීඩකයින් ඊශ්‍රෘයලය සමග සුහද පාපන්දු තරගයක නිරතවීමට නොහැකි බව ප්‍රකාශකර ඇති බවයි.
පසුගියදා ඊශ්‍රායල් ආරක්ෂක හමුදා විසින් ජෙරුසලමේදී පලස්තීන වැසියන් 120 වැඩි පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමත් තවත් දහස් ගණනකට තුවාල සිදුකිරීමේ සිද්ධියට විරෝධය පා ආජන්ටිනා කණඩායම සැලසුම්කර තිබූ දෙරට අතර පාපන්දු තරගය නවතා දැමීට කටයුතු කර තිබේ.
ආජන්ටිනා කණ්ඩායමේ ලයනල් මෙසී සිය විරෝධය පළ කර ඇත්තේ මෙසේය ’‘අවවාදයයි. ඔබලා ඇතුළුවන්නේ බලෙන් අල්ලාගනු ලැබූ බිමකටයි. මානව අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්න. ජෙරුසලම පලස්තීන ජනයාගේ අගනුවරයි’. යනුවෙනි.