ආණ්ඩුවෙන් ඉවත් වෙන්න, 15 කණ්ඩායම මෛත්‍රිට පින්සෙන්ඩු වෙයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්ෂය සමග පවත්වාගෙන යන හවුල් ආණ්ඩුවෙන් වහාම ඉවත්විය යුතු බවට තමන් විසින් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ යෝජනාව වහා ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවෙන් ඉවත්වූ  ශ්‍රීලනිප 15දෙනාගේ කණ්ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ලිඛිතව ඉල්ලීමක් කරන්නට යයි.

ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටීමෙන් පක්ෂයත්, සන්ධානයත් විනාශ වන බැවින් ආණ්ඩුවෙන් ඉවත්ව ප්‍රගතශීලී බලවේග සමඟ නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව දන්වමින් මෙම ඉල්යලීම ඉදිරිපත් කරන බවට හිටපු ඇමති කණ්ඩායම මාධ්‍යවෙත අදහස් පළ කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මධ්‍යම කාරක සභාවට මින්පෙර යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන නිසා එය එය ලබන 16 වැනි දා පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී අනුමත කර වහාම ආණ්ඩුවෙන් ඉවත්විය යුතු යැයි මෙම කණ්ඩායම අවධාරනය කරයි.

සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන හිටපු ඇමතිවරු සකස් කළ මෙම ලිපිය, ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 15 දෙනාගේ අත්සනින් යුතුව අද(13) ජනාධිපතිවරයාට යවන්නට නියමිතය.

Chandana Sirimalwatte :