ආණ්ඩුවේ ප්‍රමුඛ අරමුණ ජිවන වියදම අඩුකිරීම – අනුර යාපා

මේ රජයේ ප්‍රමුඛතම අරමුණ ජනතාව මුහුණ දී සිටින බදු බර අඩු කිරීම සහ ජිවන වියදම අඩු කිරීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසා තිබේ. ඔහු සඳහන් කර තිබුනේ බදු බර සහ ජිවන වියදම අඩුකිරීම වෙනුවෙන් දිගු කාලීන, මධ්‍යම සහ කෙටි කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

එසේම නව ආර්ථික ප්‍රතිපත්ති සහ බදු ප්‍රතිපත්ති 2019 වසරේ අයවැයෙහි ඇතුලත් වෙන් ඇති බවද ඔහු මෙහිදී පවසා තිබේ. එසේම මහින්ද අගමැතිවූ පසු තෙල් මිල සූත්‍රය අහෝසි කිරීම වැනි සහන රැසක් ලබාදුන් බවද තවත් සහන ලබාදීමට බලාපොරොත්තු වන බවද අනුර ප්‍රියදර්ශන යාපා මෙහිදී පවසා තිබුණි.

මහින්ද රාජපක්ෂ අගමැතිවූ වහාම ඉතා සුළු සහන ප්‍රමාණයක් ලබාදෙනු දක්නට ලැබුණි. නමුත් ඒවා අයවැයක් හරහා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්ති නොවේ. මහින්ද ආණ්ඩුවේ සත්‍ය ආර්ථික ප්‍රතිපත්තිය රටේ ජනතාවට දැක අබලාගත හැකි වන්නේ මැතිවරණයෙන් ඔවුන් ජයග්‍රහණය කළහොත් ඊට පසු ඉදිරිපත් වන 2019 අයවැයෙනි. මෙම පත්වූ විගස ලබාදුන් සහන මැතිවරණය ඉලක්ක කරගත් ජන්ද ගුණ්ඩු පමණි.

Sithara Sajeewani :