විදේශ ශ්‍රමිකයන් විසින් එවනු ලබන විදේශ විනිමය ආර්ථිකයේ විශාල පංගුවක්ව තිබියදී ඔවුන් පිළිබද විධිමත් සහ වගකීම් සහගත නියාමනයක් සිදු නොකරන ආණ්ඩුව විදේශ සේවයේදී අතුරුදන්වූවන් ගැන තොරතුරු මහජනයාගෙන් අපේක්ෂා කරන බව නිවේදනය කර ඇත.
ඒ අනුව, විදේශ රැකියා සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ලාංකිකයන් පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා මහජන සහය මහජන සහය පතන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මේ වනවිට එසේ අතුරුදන් වූවන් කිහිප දෙනකු සම්බන්ධ වාර්තා ජනමාධය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇති අතර කටාර් හා ජෝර්දාන් ගෘහසේවයේදී අතුරුදන්වූ ලාංකික කාන්තාවන් දෙදෙනකු ගැන වි.සේ.නි.කා. තොරතුරු විමසයි. 2016 වසරේදී කටාර්හි ගෘහසේවයට ගිය පොලොන්නරුව,කුමුදුපුර අංක 15 දරණ නිවසේ පදිංචිව සිටි ඩබ්ලිව් ජී සන්ධ්‍යා කුමාරි සහ 2011දී ජෝර්දාන් බලා බලා පිටත්ව ගිය වනාලුවාව, පැලැන, අංක 02/19 ඒ නිවසේ පදිංචි කිරිබත්ගොඩ ලාලනි පිළිබඳ මේ වන තුරු කිසිදු තොරතුරක් ලැබී නැතැයි කාර්යාංශය සඳහන් කරයි.
මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112-864136 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස කාර්යාංශය ඉල්ලා සිටි.
දීර්ඝ කාලයක් තිස්සෙ විදේශ සේවයේ නියුතු කාන්තාවන් විශේසයෙන් ගොදුරු බවට පත්වන තත්වය සම්බන්ධව හඩ නැගීමට කාන්තා සංවිධාන කටයුතු කළද ආණ්ඩුව හෝ වි.සේ.නි.කා. කිසිදු වගකීම් සහගත මැදිහත්වීමක් සිදුකර නැත.