ආධාරකරුවන් රැස්කිරීම ගැටුමකට හේතුවේ- ජනාධිපතිගෙන් අවවාදයක්

හෙට(19) පාර්ලිමේන්තුව අසළට සිය ආධාරකරුවන් රැස්කිරීමේ අදහස විනාශකාරි බව ජනාධිපතිවරයා පවසයි.

මේ වනවිට විවිධ දේශපාලන කදවුරුවල ආධාරකරුවන් පාර්ලිමේන්තුව  අවට රැස්වන්නට කටයුතු සූදානම් කර තිබේ. මෙවැනි ඒකරාශිවීම් ගැටුම් බවට පත්වන නිසා වහාම එවැනි සැලසුම් අවලංගු කරන ලෙස ජනාධිපතිවරයා පවසයි.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අගමැති ඉවත්කර නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් කරවූයේද ජනාධිපතිවරයා විසිනි. ඒ නිසා රටට අත්වී ඇති අරාජික අර්බුදය තවත් දික්ගැසෙන බවක් දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.

Chandana Sirimalwatte :