ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ පොලිස්පති පුජිත ජයසුන්දරට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනාට ඊයේ (24) පෙරවරුවේ මෙම දැනුම්දීම කර ඇති බවද එම පැවසේ.
මේ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හමු වී ඇතැයිද වාර්තා වේ.
පාස්කු දින ප්‍රහාරය එල්ල වීම පිළිබඳ විවිධ මාර්ග ඔස්සේ දැන සිටියද ඒ වෙනුවෙන් පියවර නොගැනීම ගැන ආරක්ෂක ප්‍රධානීන්ට චෝදනා එල්ල වී තිබුණි. ආරක්ෂක ලේකම්වරයා මේ පිළිබඳ මාධ්‍යවේදීන් විමසීමේදී සඳහන් කර තිබුනේ ප්‍රහාරයක් එල්ලවන බව දැන සිටියද එය මෙතරම් ප්‍රබල ප්‍රහාරයක් වනු ඇති බව නොසිතූ බවයි.