ආරක්ෂක ලේකම් වගකීම භාරගෙන ගෙදර යයි!

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද (25) තම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද බාර දී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ අනතුරු අගවමින් බුද්ධි අංශය ලබාදුන් තොරතුරු තමන් විසින් නිසි වගකීමක් ඇති නිලධාරින් වෙත යොමුකළ බව පවසන ඔහු පොලිසිය විසින් සිදුකරන ලද වගකීම් පැහැර හැරීමක් පොලිසියට පමණක් පැවරීමට නොහැකි බවද සදහන්කර ඇත.

හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේ බඩු බාහිරාදිය ද අද පස්වරුවේ ඉවත් කර ගත් බව වාර්තා වේ.

Chandana Sirimalwatte :