ඊයේ ආරම්භවූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාව පරදා ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
ඩුබායි ක්‍රීඩාංගයේදී ඊයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 137 ක අනගි ජයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් විය.
බංග්ලාදේශ ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් ලබා ගත් ශතකය හේතුවෙන් බංග්ලාදේශයට ලකුණු 261ක් ලබාගැනීමට හැකිවියි.
ලකුණු 262 ක ඉලක්කයක් ලබා දුන් බංග්ලාදේශ කණ්ඩායමේ අභියෝගය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35.පන්දු 2 කදී ලකුණු 124කට සීමා කරමින් ශ්‍රී ලංකා ඉනිම අවසන් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී සිය කාර්යය බාරය මැනවින් ඉටුකළ බංග්ලාදේශ පන්දු යවන්නෝ නායක මෂ්රෆී මොටාසා, මුස්තෆිසුර් රෙහෙමාන් සහ මෙහෙදි හසන් අතරේ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.
ඉදිරි පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑම හේතුවෙන් පසුපෙළ පිතිකරුවන්ට මහත් පීඩනයක් එල්ලවූ අතර ඩිල්රුවන් පෙරේරා ලකුණු 29 ක්ද, සුරංග ලක්මාල් ලකුණු 20 ක් ලබා ගත්තද එම උත්සාහයට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
වසරක පමණ කාලයකින් අනතුරු යළි ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ ලසිත් මාලිංග සිය හැකියාවන් මනාව පෙන්වමින් බංග්ලාදේශ පිතිකරුවන් හතර දෙනෙකු දවා ගැනීමට සමත්වීය.
ඩිල්රුවන් පෙරේරාද වසර එකහමාරකට පමණ පසුව ඊයේ තරගයට ක්‍රීඩා කළ අතර ඔහු අතින් පහසු උඩ පන්දුවක් ගිලිහී ගියේය.