ලංකාව මේ දක්වා ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර 4×400 පිරිමි ඉසව්ව සඳහා හිමිකර තිබූ කීර්තිනාමය ඉදිරියේදී අහිමිවන තත්වයක් උද්ගතව තිබේ.
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය වෙනුවෙන් සුගතදාස පිටියේදී පැවැති අවසන් තේරීම් තරගාවලියට අනුව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහාය දිවීමේ කණ්ඩායමක් යැවීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.
අප්‍රේල් මස 21 – 24 දක්වා ඩෝහා කටාර්හිදී පැවැත්වෙන23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේ අරමුණ ඇතිව පැවැති ජාතික මලල ක්‍රීඩා අවසන් තේරීම් තරගාවලිය සංවිධානය කර තිබිණි. එම තරගාවලිය නිමාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 9 දෙනකු ආසියානු ශූරතා තරග පරිසාධන මට්ටමට පැමිණ තිබේ. ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් පමණ සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමත් 2019 ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට තෝරා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අපේක්ෂා කරයි.