தமிழ்
English
Contact
Sunday 22nd May 2022    
ඇමතිකම් ගන්නට පොහොට්ටුවේ පොරයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමතිකම් ගන්නට පොහොට්ටුවේ පොරයක්!



අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ඇතුළුව 25 දෙනකුට පමණ සීමා කිරීමට තීරණය කර තිබීම හේතුවෙන් ඇමතිධුර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අතර පොරයක් ආරම්භ වී ඇත.

මේ වනවිට වරින් වර ජනාධිපති සහ අගමැති මුණගැසී හා විවිධ පාර්ශ්ව හරහා මෙම ඉල්ලීම් ඉදිරිපත් කරන්නට පොදුජන පෙරමුණේ ඇැම් හිටපු ඇමතිවරු කටයුතු කර ඇතැයි දැනගන්නට ඇත.

යෝජිත කැබිනට් මන්ඩලයේ ඇමතිවරුන් 23 දෙනාගෙන් 13ක් දැනටමත් දිවුරුම් දී ඇති අතර ඇමතිවරුන් සංඛ්‍යාවෙන් 10 දෙනකු පමණ පොදුජන පෙරමුණට හිමිවන නමුත් එයින් 5ක් මේ වන විටත් දිවුරුම්දී ඇත. ඉතිරි ඇමතිධූර පහක් සඳහා මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.