Posted on 02.22.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රටේ පවතින විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් අද (22) දිනයේ කැඳවා ඇති බව වාර්තා වේ.
මෙසේ විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමට ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇති බව සඳහන් විය.
මේ වනවිට දෛනික විදුලි කප්පාදුවක් ද සිදුකෙරෙන අතර ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් ද දක්නට ලැබේ.
ඉන්ධන මිල වැඩිකිරීමට අවසර දෙන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව අවස්ථා කිහිපයකදීම රජයට ඉල්ලීම් කර තිබුණු අතර මේ දක්වා ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොතිබුණි.