Posted on 03.07.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2019 නොවැම්බර් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජයග්‍රහණය කළ පසුව සෙසු ආණ්ඩුවේ නායකයන් මෙන්ම ඇමතිකම් දැරූ විමල් වීරවංශ පසුගියදා ඇමතිකම අහිමි වූ පසු ආණ්ඩුවට නගන අවලාද ජනතාවගේ ප්‍රශ්න කිරීමකට ලක්ව ඇත.
සමස්ත ආණ්ඩුවේම ගමන් මගේ දෝෂය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබියදී ඒ බව පිළි නොගෙන තමන් කියු දේ ඉටු නොකළ බවත් ඒ නිසා ආණ්ඩුවෙන් ඉවත්ව කටයුතු කරන බවටත් හිටපු ඇමතිවරු මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් තිබේ. විමල් වීරවංශ විසින් පවසන අකාාරයට මේ වනවිට රටේ ඇති අර්බුදයට හේතුව නිවැරදි තීරණ නියමිත වේලාවට නො ගැනීමයි. කෙසේවෙතත්, ආණ්ඩුව පිහිටුවීමට පෙර සිට එනම් 2015 ජනවාරි පරාජයේ සිටම විමල් වීරවංශ ප්‍රකාශ කළ දේ හා දැන් පවසන දේ අතර බරපතළ පරස්පපරතා ජනතාවගේ අවධානයට ලක්ව ඇත.
හිටපු ඇමතිවරයා ජනමාධ්‍ය සාක්චිඡාවලදී පවසා ඇති ආකාරයට විදුලි කප්පාදුව, ගෑස් හිඟය ඇතුළු අර්බුද රැසක් උද්ගතව ඇත්තේ නිවැ රදි තීරණ නියමිත වේලාවට නොගැනීම හේතුවෙනි.
අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින්
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
එහිදී හිටපු කර්මාන්ත ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධ තමන් නිවැරදි අවබෝධයකින් සිටින බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළ බවය.
නමුත් ඇත්ත වශයෙන්ම ඔහු ආණ්ඩුවේ පියවරයන් විවේචනය කරන්නට පටන් ගත්තේ වසර දෙකකට වැඩි කාලයක් ඇමති ධූර දරමින් වත්මන් ආණ්ඩුව ගත් වැරදි තීරණ නිසා ජනයා පීඩාවට පැමිණ ආණ්ඩුවට එරෙහිව වීදි බැස සිටින විටය. ඔහු මේ ආකාරයෙන් ආණ්ඩුව විත්තිකූඩුවට නංවන්නේ තම ඇමතිකම ජනාධිපති නියමයෙන් ඉවත්කළ පසුවය. ඒ දක්වා ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සම්බන්ධ විවේචනයක් නොකළ විමල් වීරවංශ තමන්ට වැදුණු ප්‍රහාරයෙන් කුපිතව ජනතාව හමුවේ ආණ්ඩුවේ නායකයන්ට ආඩාපාලි කියමින් සිටී. නමුත් ජනතාව විමල් වීරවංශ කියන්නට පෙර සිටම ඔහු ඇතුළු ආණ්ඩුවේ වැරදි පිළිවෙත නිසා පීඩාවෙන් පීඩාවට පත්ව සමස්ත ආණ්ඩුව ප්‍රතික්ෂේප කරමින් සිටී.
ඇතැමුන් පවසන්නේ විමල් ඇතුළු කණ්ඩායම ගිලෙන නැවෙන් පනින මීයන් බවය. තවත් පිරිසකගේ මතය වන්නේ ආණ්ඩු විරෝධය ආණ්ඩු කණ්ඩායම තුළම කලමනාකරණය කරගෙන විපක්ෂය වර්ධනය වීමේ අවස්ථා අහිමි කිරීමේ උපක්‍රමයක් හිටපු ඇමතිවරු අරඹා ඇති බවය.