தமிழ்
English
Contact
Sunday 27th March 2022    
බදු පනත ඉල්ලා අස්කර ගෙන - ආණ්ඩුව අඩියක් පස්සට ගනී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බදු පනත ඉල්ලා අස්කර ගෙන – ආණ්ඩුව අඩියක් පස්සට ගනී



විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබුණද එය ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත.

බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම වැනි අරමුණු දක්වමින්, මත්පැන්, දුම්වැටි, විදුලි සංදේශ, ඔට්ටු ඇල්ලීම හා සූදු , මෝටර් වාහන මත විවිධ අණපනත් යටතේ පනවා ඇති බදු වෙනුවට එක් විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට පසුගිය අයවැයෙන් යෝජනා කරනු ලැබිණි.

මෙම පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම්දී තිබිණි. එබැවින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළයුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබිණි .

මෙම පනත් කෙටුම්පත ඉකුත් ජනවාරි 7 වැනි දා ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනවාරි 20 වනදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබිණි.