Posted on 09.26.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදි කිරීම වෙනුවෙන් පත්තිනි පෙදෙස ග්රමයේ ජනතාව ආරක්සා කිරීමට ඉදි කළ අලි වැට ගලවා දැමීම නිසා ඇතිවූ වන අලි තර්ජන සම්බන්ධ විරෝධය මතු වී ඇත.
පත්තිනි පෙදෙස ගම වටා ඉදිකොට තිබූ අලිවැට, බළධාරින් විසින් ගලවා දැමූවද නැවත යළි සකස් නොකිරීම නිසා පසුගිය දින තුනේදීම වන අලි රංචුවක් ගම් වැදී මහත් විනාශයක් සිදු කර ඇත. මේ නිසා ඒ ගම්වාසින් විසින් විරෝධතාවක් සංවිධානය කර ඇත.
උද්ඝෝෂණය හේතුවෙන් වහාම අලි වැට නැවත ඉදි කිරීමට පියවර ගන්නා ලද බව පසුව වාර්තා විය.