Posted on 07.15.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අලි මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු (72)මේ වසරේ ගතවූ කාලය තුළ මියගොස් ඇතැයි වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අලි මිනිස් ගැටුම හේතුවෙන් මේවසරේ මේ දක්වා මියගොස් ඇති වන අලින් සංඛ්‍යාව 185කි.
බදින තුවක්කු , හක්ක පටස්වලට ගොදුරු වීම,විදුලි රැහැන්වල පැටලීම යනාදී හේතු නිසා වන අලි මෙසේ මියගොස් ඇති බව එම දෙපාර්තමේන්තු පවසා තිබේ.
වනජීවීයේම තොරතුරු සදහන් කරන ආකාරයට අනුව 2020 වසරේ අපේ රටේ අලි මිනිස් කැටුමෙන් අහිමි වී ඇති මිනිස් ජීවිත ගණණ 113 කි. එසේම අලි ජීවිත 327 ක්ද අහිමිව ඇත. 2019 වසරේ මිනිස් ජීවිත 122 ක් අලින්ට බිලිවී ඇති අතර අලි ජීවිත 407 ක් මිනිසුන්ට බිලිවී තිබේ.
වනජීවි දෙපාර්තමේන්තුවේ දතත්යන්ට අනුව අලි මිනිස් ගැටුමෙන් 2010 ත් 2020 ත් අතර වසර 11 ක කාලය තුළ අලි මිනිස් ගැටුමෙන් අහිමි වී ඇති මිනිස් ජීවිත ගණන 1000 කට ආසන්නය. අලි මරණ ගණන 2958 කි.