ඇෆ්ගනිස්ථානය පරදා පකිස්ථානය ජයගනී

ආසියානු ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන සහ ඇෆ්ඝනිස්ථාන් කණ්ඩායම් අතර තරගය අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්විනි.

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 කට ලකුණු 257 ක් රැස්කිරීමට සමත්විය.

පකිස්ථාන කණ්ඩායම එම තරගයෙන් කඩුලු 3 ක ජයග්‍රහණයක් ලැබීමට සමත්විය.

මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 50 තුල කඩුළු හයක් දැවී ලකුණු 257ක් ලබා ගැනීමට සමත්විය.

සිය ඉනිම වෙනුවෙන් හෂ්මතුල්ලා ශහිඩි නොදැවී ලකුණු 97ක්ද, අස්ගර් ඇෆ්ගන් ලකුණු 67ක්ද, මොහොමඞ් ශාසාඞ් ලකුණු 20ක්ද, රාමට් ෂා ලකුණු 36ක්ද, ලබා ගැනීමට සමත්විය.

ලකුණු 258 ක ඉලක්කයක් හඹාගිය පාකිස්ථානය පන්දුවාර 49යි පන්දු 3 කදී කඩුළු 7 ක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

පළමු කඩුල්ල ලකුණු රැස්කිරීමට පෙර බිද වැටුන ද ඉමාම් උල් හක් සහ බාබර් අසාම් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 154 ක සම්බන්ධතාව නිසා පකිස්ථාන ජයග්‍රහණයට පදනම නිර්මාණය කළේය.

ඉමාම් උල් හක් ලකුණු 80 ක්ද, බාබර් අසාම් ලකුණු 66 ක්ද, ශොයිබ් මලික් නොදැවී ලකුණු 51 ලබා ගිනිමින් සිය ජයග්‍රහණය තහවුරු කළේය.

Madanayaka :