தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
ඉන්දියාවෙන් යළිත් ඩොලර් මිලියන 500ක ණය පහසුකමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දියාවෙන් යළිත් ඩොලර් මිලියන 500ක ණය පහසුකමක්!



අමෙරිකානු ඩොලර් 500ක ණය පහසුකමක් ඉන්දියාවෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඛනිජ තෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම ණය පහසුකම ලබා දෙන බවයි. ඒ අනුව, ඉන්දිය රජයේ සහ ලංකා රජයේ නියෝජිතයන් ලෙස දෙරටේ බලශක්ති විෂය භාර අමාත්‍යංශ ලේකම්වරුන් විසින් මෙම ණය ගිවිසුමට අත්සන් කිරීමට කටයුතු සූදානම් කෙරෙනු ඇත.

මින් පෙර ඩොලර් මිලියන 500ක විනිමය හුවමාරු ණය පහසුකමක් ඉන්දිය රජයෙන් ලබාදී තිබුණද නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමේ ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමත් සමග ඉන්දිය රජයෙන් එම ණය මුදල නැවත ඉල්ලා සිටින ලදී.