Posted on 09.16.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට ලංකාවේ තෙල් ගවේශනවලින් සොයාගෙන ඇති ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් අලෙවි කිරීමෙන් ලංකාවේ සමස්ත විදේශ ණය පියවා ගත් පසුව ඩොලර් බිලියන 133.5ක් ඉතිරිවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි.
ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ එම් – 2 ලෙස දැනට හඳුනා ගෙන ඇති බැරකියුඩා ප්‍රදේශයේ බොර තෙල් බැරල් මිලියන 2,000 ක වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 150 ක් බව පවසන ඇමතිවරයා එහි ඇති ගෑස් ඝන අඩි ට්‍රිලියන 09 ක වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 17 ක් යැයි පවසයි. මේ අනුව, මෙම ඛනිජ තෙල් සහ ගෑස් අලෙවියෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 167 ක් උපයා ගත් පසුව මේ වනවිට සමස්ථ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 47 ක් ගෙවා දැමූ විට,තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 133.5 ක් ඉතිරි වන බව ඇමතිවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් නිධි සම්බන්ධයෙන් කටයුතු කරන්නට නෛතික බලය ගෙන එන ඛනිජ තෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමෙන් පසුව, ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවන බවත් ඉන්පසුව ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සහ උකහා ගැනීම සදහා ආයෝජනය කිරීමට, ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සමාගම්වලට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා පැවසීය.