ඉන්දියාව කඩුළු අටකින් පකිස්ථානය පරදවයි

ආසියානු කුසලාන අවසන් කණ්ඩායම් හතර හමුවේ පැවැත්වෙන පළමු තරගය ඉන්දියාව හා පකිස්ථානය අතර ඊයේ ඩුබායිහිදී පැවැත්වුනි.

පකිස්ථානය කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දුවර 43යි පන්දු 1කදී පාකිස්ථාන පිලේ සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණූ 162ක් පමණි.

ආරම්භක පිතිකරවන් දෙදෙනා ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයාමෙන් පකිස්ථාක ඉනිම බිදවැටීම ආරම්භ වූ
බාබර් අසාම් 47ක්ද, ෂොයිබ් මලික් 43ක්ද, ලබා ගනිමින් පකිස්ථාන ඉනිම යම් පමණකින් ගොඩ ගැනීමට උත්සාහ කළහ.

ඔවුන් දෙදෙනා දැවීයාමෙන් පසුව සෙසු පිතිකරුවන්ට සෑහීමකට පත්විය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ.

පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් කඩුළු 3ද, ජස්ප්‍රීට් බුම්රා කඩුළ 2 ක්ද, කේදර් ජාදව් කඩුළු 3 ක්ද, ලබා ගැනීමට සමත්විය.

ඉන්දීය ඉනිම වෙනුවෙන් එහි ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පාන්දුවාර 13ක් තුල ලකුණු 86 ලබා ගැනීමට සමත්විය.

ඉන්දීය කණ්ඩායමට ලකුණු 163 ඉලක්කය වෙත ලගාවීමේදී වැය කළේ පන්වාර 29ක් පමණි.

රෝහිත් ෂර්මා ලකුණු 52ක්ද, ෂිකාර් ධවාන් ලකුණු 46 එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගීම ඉන්දීය කණඩායමට ජයග්‍රහණය ලැබීමේ අවස්ථාව උදා කළේය.

ඉන් පසු අම්බටි රයියදු නොදැව ලකුණු 31ක්ද, ෂිකාර් ධවාන් නොදැවී ලකුණු 31ක්ද,ලබා ගනිමින් ඉන්දීය පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

Madanayaka :