ඉන්දීය ධීවරයන් 16කට නිදහස

ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා මෙරට අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයන් 16 දෙනකු හෙට දිනයේ නිදහස් කිරීමට නියමිතය. අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය නිමිත්තෙන් සුහදතාව පළ කිරීමේ ක්‍රියාවක් ලෙස ධීවරයන් නිදහස් කෙරෙතැයි අදහස් පළ වී තිබුණත් ධීවර කටයුතු පිළිබඳ ඇමැති මහින්ද අමරවීර එය ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ අත්අඩංගුවට පත්වන ධීවරයන් නිදහස් කිරීමේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ ඔවුන් නිදහස් කරන බවයි. 

ලංකාවේ අත්අඩංගුවේ පසුවන ධීවරයන්ගේ සෞඛ්‍ය තත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්නැයි තමිල්නාඩුවේ ධීවර සංවිධාන ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්ද කර තිබිණි.

මීට පෙර පසුගිය මාර්තු මාසයේදී ඉන්දීය අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් ඉන්දීය ධීවරයන් 86 දෙනකු නිදහස් කෙරුණු අතර පසුගිය අප්‍රේල් මාසයේදී ජනධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගය මත තවත් ධීවරයන් 54 දෙනකුට නිදහස හිමි විය.

Janaka Thushara :