தமிழ்
English
Contact
Sunday 27th March 2022    
ඉන්ධන අර්බුදය නිසා පෞද්ගලික බස් ධාවනය සීමා කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්ධන අර්බුදය නිසා පෞද්ගලික බස් ධාවනය සීමා කරයි!



හෙට(7) සිට පාසල් සිසුන්ට සහ කාර්යාල කාර්ය මණ්ඩලයට පහසුකම් සැලසීම සඳහා පමණක් උදයට හා සවසට පමණක් සීමාසහිත බස් රථ සංඛ්‍යාවක් ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය(LPBOA)නිවේදනය කරයි.

LPBOA සභාපති ගැමුණු විජේරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රාත්‍රී කාලයේද බස් රථ ධාවනය නොකරන බවයි. මේ වනවිට උග්‍ර ලෙස පවතින ඉන්ධන හිඟය හේතුවෙන් දැනට ධාවනය වන්නේ පෞද්ගලික බස්රථවලින් 25%ක් පමණක් බව ඔහු පැවසීය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඩිපෝවලින් ප්‍රමාණවත් ඩීසල් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟ වුවද ඩීසල් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇත්තේ පිළිගත නොහැකි තත්ත්වයක් පවතින බව ඔහු පැවසීය.

පවතින ඉන්ධන අර්බුදයත් සමඟ දුර ගමන් බස් සේවා ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා මතුව තිබේ. පෞද්ගලික බස් රථ 20,000ක් පමණ රටපුරා ධාවනයට අවසර ලබාදී ඇති පසුබිමක COVID-19 වසංගතය සහ වත්මන් ඉන්ධන අර්බුදය හේතුවෙන් මාර්ගවල බස් රථ 4500 ත් 5000 ත් අතර ප්‍රමාණයක් පමණක් ධාවනය වන බවත් වඩාත් දුෂ්කරතාවයෙන් යුතුව ධාවනය වන බවත් විජේරත්න පැවසීය.