தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
උතුරු කොරියාව විනාශ කරන බවට ට්‍රම්ප් තර්ජනය කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උතුරු කොරියාව විනාශ කරන බවට ට්‍රම්ප් තර්ජනය කරයි



පසුගිය බදාදා එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතු ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම විනාශකර දමන බවට තර්ජනය කළේය.  එක්සත් ජාතීන්ගේ මහා මණ්ලයේ 72 වන සැසිවාරය මේ දිනවල නිව්යෝර්ක් නුවර පැවැත්වේ.

සමුළුව ඇමැතූ ට්‍රම්ප් සිය කතාවේදී උතුරු කොරියාව සිය රටට හෝ එක්සත් ජනපදය සමග සංධාන ගතව සිටින රටකට තර්ජනයක් වන්නේනම් උතුරු කොරියාව සම්පූර්ණයෙන් විනාශ කරන බවට ලෝක නායකයින් හමුවේ ප්‍රකාශ කළේය. ට්‍රම්ප් සිය කතාවේදී උතුරු කොරියානු  නායකයාව රොක්ට් මෑන් යනුවෙන් හදුන්වා ඇති අතර කිම් ජෝන් අන් හා උතුරු කොරියානු පාලනය සිය දිවි නසා ගැනීමේ ප්‍රයත්නය යෙදී සිටින බවද සිය කතාවේදී අවධාරණය කර තිබේ.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය පිළිබදව උතුරු කොරියානු විදේශ ඇමැති  රී යංග් හෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එම කතාව බල්ලෙකුගේ උඩුබුරුලෑමක් බවයි. සිය රටේ න්‍යෂ්ටික වැඩ සටහන කිසිදු තත්වයක් හමුවේ නවත්වන්නේ නැති බවත් සිය නායකයා හා උතුරු කොරියානු රජය මෙම බල්ලන්ගේ උඩු බිරුම් ගැන එතරම් තැකීමක් නොකර බවද සිය ස්ථාවරය දක්වමින් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප්ගේ මෙම කතාව පිළිබදව එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සම්බන්ධවී සිටි බොහෝ රාජ්‍ය නායකයිනගේ හා තානාපති නිලධාරීන්ගේ අප්‍රසාදයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.