Posted on 02.26.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
චිනය සහ අමෙරිකා එක්සත් ජනපදය බොහෝදුරට සමීප බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ මාර්තු 1වැනිදා සිට චීනය වෙත පනවන්නට නියමිතව තිබුණු වෙළද බදු කාලය දීර්ග කිරීමේ තීරණය නිවේදනය කරමිනි. පසුගිය වසරේ වර්ධනය වූ ජාත්‍යන්තර දේශපාලන ආර්ථික ප්‍රතිවිරෝධතා අවසානයේ ට්‍රම්ප් පාලනය චීන භාණ්ඩ සදහා නව බදු හදුන්වා දෙමින් එල්ල කළේ චීන ආර්ථිකයට අවාසිදායක තීරණයකි. එහෙත් මේ වනවිට චීනය හා එක්සත් ජනපදය අතර ආර්ථික සබදතා සම්බන්ධ සාකච්ඡා සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ගිවිසුමක් අත්සන් කිරීමට තරමි එම සබදතා සමීප බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
“අපි ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවක්’ සංවිධානය කිරීමට සැලසුම් කරනවා” සාකච්ඡා අවසන්ව නැතත් ජනාධිපති ට්‍රම්ප් එසේ පවසා තිබිණි.