Posted on 04.03.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
උතුරු-නැගෙනහිර අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා පෞද්ගලික හිමිකරුවන් වෙතින් ඉඩම් මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන සහ උතුරු පළාත් සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
එම යෝජනාව සඳහා අනුමැතිය හිමිව ඇති බවද සඳහන් වේ.
යාපනය ප්‍රදේශයේ ප්‍රමාණවත් රජයේ ඉඩම් නොමැතිවීම හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව නැවත පදිංචිකිරීම බරපතල ගැටළුවක් බවට පත්ව ඇති බව රජය පවසයි.
ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව පදනම් කරගනිමින් පෞද්ගලික හිමිකරුවන් වෙතින් අවශ්‍ය ඉඩම් මිලදී ගැනීමට තීරණය කර ඇත්තේ ඒ අනුවයි.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති ගැටුම් හේතුවෙන් සුබසාධන මධ්‍යස්ථාන 25ක් තුළ අවතැන් වූ පවුල් 577ක් පමණ සිටින අතර ඉන් පවුල් 381ක් ඉඩම් අහිමි පවුල් ලෙස හඳුනාගෙන ඇති බව ආණ්ඩුව පවසයි.
මීට අමතරව හමුදාව ඉඩම් අත්පත්කරගැනීම නිසා තම ඉඩම් අහිමිවූ විශාල පිරිසක් උතුරු නැගෙනහිර පළාත්වල තම ඉඩම් නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් අරගලයක නිරත වෙමින් සිටියි.