Posted on 12.31.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
යුද හමුදාව විසින් මුලතිව් ප්‍රදේහයේ අත්පත් කරගෙන ඇති සිවිල් වැසියන්ගේ ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලමින් ප‍්‍රදේශවාසීන් පිරිසක් අද (31) මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පමාිණ විරෝධය පළ කළහ.
මුලතිව් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානය සතුව ඇති මෙම ඉඩම ලබා දෙන ලෙස පවසමින් එහි ඇතුළු වීමට උත්සහ කිරීමත් සමඟ එම ස්ථානයේ අද දහවල් නොසන්සුන් තත්වයක් හටගෙන තිබුණු අතර ආරක්ෂක අංශ එය වළක්වන ලදී. තම නිවාස වල බඩුභාහිර ආදි රැගෙන පැමිණි ජනතාව ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් මූලස්ථානයට ඇතුළුවීමට උත්සහ කළහ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් දෙසැම්බර් 31 වැනි දාට පෙර උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නිදහස් කරන බවට දුන් පොරොන්දුව ඉටුනොකිරීම නිසා මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වුහ.
