Posted on 01.20.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පෞද්ගලික උපකාරක පංතියකදී ඇති වූ වචන හුවමාරුවක් මත සිදු කළ අමානුෂික පහරදීමක සම්බන්ධ යුද හමුදා භටයකු හා පුත්රයා අද (20) අත්අඩංගුවට ගෙන ඇත.
පන්තියකට යමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවකුට පිය පුතු දෙදෙනෙක්ක් යතුරුපැදියකින් පැමිණ අමානුෂික ලෙස පහරදීම පිළිබඳ ලද පැමිණිල්ලක් අනුව සැක පිට 17 හැවිරිදි පාසල් සිසුවකු අදඅත්අඩංගුවට ගත්බව දකුණු කළුතර පොලිසිය පවසයි
නාගොඩ සෙන්ට්රල් හන්දියේ පදිංචි නිශාන්ත පුෂ්පකුමාර වික්රමාරච්චි යන අය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට තිබේ.
පහරදීම සිදුවූ බව කියන ස්ථානයේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී යතුරු පැදියෙන් පැමිණ පහර දෙන අයුරු පටිගත වී ඇති අතර , පහරදීමට පැමිණි බව කියන පියා හමුදාවේ රාජකාරි කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කියයි .
පෞද්ගලික උපකාරක පංතියක දී පෙරදින ඇතිවූ කතා බහක් පහරදීමට මූලික හේතුව බවට හඳුනාගෙන ඇති බව පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරියෙක් කීය . පහරදීම සිදුකළ සිසුවාගේ මව ද කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක රාජකාරි කරන බවද පැවසේ.