Posted on 05.26.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන බලපෑම් නිසා ඔහු මහත් කලකිරීමට පත්ව ඇති බව දැනගන්නට ඇත.
ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුට අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති බවද දැනගන්නට ඇත.
රාජපක්ෂ පාලනය වෙනුවෙන් දරදිය ඇදි හමුදා ප්‍රධානියකු ලෙසත් හමුදාපති වශයෙන් ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කළ අයකු ලෙසත් තමන්ට මෙවැනි ඉරණමක් අත්වීම නිසා ඔහු සිය කම්පාව සමීපතමයන් වෙත පළ කර ඇතිබව වාර්තා වේ.
මෙසේ යුද හමුදාපතිවරයාට ඉල්ලා අස්වීමට බලපෑම් කර ඇත්තේ මැයි 9වැනිදා විරෝධතාකරුවන් අරලියගහ මන්දිරය වටලෑම සිදු කළ විට එහි ප්‍රමාණවත් හමුදා ආරක්ෂාවක් යෙදවීමට නොහැකිවීම නිසා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ප්‍රභූන් අනතුරුදායක තත්වයකට පත්වීම පිළිබඳ චෝදනා කරමිනි.
මේ වනවිට යුද හමුදාව නිවේනදයක් නිකුත් කරමින් පවසන්නේ යුධ හමුදාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවය. මැයි 31 වන දින ෂවේන්ද්‍ර සිල්වා ඉල්ලා අස්වීමෙන් පසු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2022 ජුනි 1 වන දින වැඩ භාර ගනු ලබන බව එහි සඳහන්ය.
වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බවත් ඔහු, ජූනි මස 01 වැනිදා සිට නව යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බවත් ප්‍රකාශිතය.