தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
උපනුපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලාංකීය කාන්තා ඉල්ලීම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උපනුපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලාංකීය කාන්තා ඉල්ලීම



මේ වනවිට රට පත්ව ඇති ඛෙදජනක තත්වයට ජනාධිපතිවරයා විසින් දායක වී ඇති තත්වය සහ එය වෙනස්කිරීමේදී ජනාධිපතිවරයාට ඇති වගකීම අවධාරනය කරමින් කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසක් අද (28) කොළඹ, ගාලු මුවදොර පිටියේ විරෝධතාවක් පවත්වා ජනාධිපතිවරයා වෙත භාරදීම පිණිස සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දුන්හ.

පහත පළවන්නේ එකී සංදේශය හා එයට අත්සන් කළ කාන්තා ක්‍රියාකාරිනියන්ගේ නාමාවලියයි.


ජනාධිපතිතුමනි,

උපනුපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් වෙතින් කෙරෙන ඉල්ලීමයි

පසුගිය ඔක්තෝබර් 26 වනදා ඔබ විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණය හේතුවෙන් අද වන විට අපගේ රට මහත් ඛේදනීය තත්ත්වයකට පත්ව ඇත. ආර්ථික වශයෙන් රට දිනෙන් දිනම උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට ඇද වැටෙමින් පවතී. දේශපාලන සදාචාරය ද පෙර නොවූ විරූ ලෙස සෝදාපාළුවට හසුවී ඇත. තව දින කිහිපයක් මේ ආකාරයෙන්ම ගෙවෙන්නට හැරියහොත්, රාජ්‍ය ආයතන ඇතුළු මුළු මහත් සමජය තුළ ප්‍රචණ්ඩත්වය ඇවිලී, මහත් විනාශකාරී තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැක. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර, මේ අර්බුදය නොවිසඳුවහොත්, අප රටට ආර්ථික සම්බාධක පනවන බවට විදේශ රටවල් ගණනාවක් අනතුරු ඇඟවීම් කර ඇති බව ඔබ දනී. දැනටමත් විදේශ මූල්‍ය ආයතන කිහිපයක්ම අප රටට ලබා දීමට නියමිතව තිබූ ණය ආධාර අත්හිටුවා ඇත. විදේශ ණය සහ ආධාර මත මූලික වශයෙන්ම රඳා පවතින ආර්ථිකයක් පවතින අප රටට එවැනි සම්බාධක පැනවුණහොත් අහිංසක රටවැසියන් අන්ත පීඩනයකට ගොදුරු විය හැකිය.

මෛත්‍රීපාල සිරිසේන මහතාණනි, මේ අන්ධකාර අනාගතයට රට ඇදගෙන නොයන ලෙස අපි මෙරටේ දූ දරුවන්ගේ නාමයෙන් ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු. මේ තත්ත්වය ඇති වූයේ ඔබ විසින් ගන්නා ලද අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන තීරණ නිසාවෙනි. එය විසඳිය යුත්තේත් ඔබමය. විධායක බලතල උසුලන ඔබට අංශුමාත්‍රයක හෝ උවමනාවක් ඇත්නම් මේ අර්බුදය විසඳීමට බැරිකමක් නැත.

අපටත් අපේ දරුවන්ටත් ජීවත්වීමට ඇත්තේ මේ රට පමණි. මේ රට, ආර්ථික වශයෙන් විනාශකාරී තත්ත්වයකට ඇද වැටුණහොත්, එහි බලපෑමට ගොදුරු වන්නෝ අපි වෙමු. දේශපාලනඥයන්ට මෙන්, නීති විරෝධීව එක් රැස් කරගත් ධනස්කන්දයක් අපට නැත. දේශපාලන බල පොරය නිසා ඇතිවන ආර්ථික අගාධයේ ගොදුර වන්නේ මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ ආදී දේශපාලනඥයන් නොව, මේ රටේ සාමාන්‍ය ජනතාවයි.

පාලකයන් වෙනස් කිරීම සිදු කළ යුත්තේ, ව්‍යවස්ථාවට අනුකූලව නිසි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරමින් බව පිළි ගනිමු. එබැවින්, පුද්ගල ස්වාර්ථයන් හා රුචි අරුචිකම් පමණක් අරමුණු කර නොගෙන, වත්මන් අර්බුදයට, සාධාරණ හා සදාචාරාත්මක දේශපාලන විසඳුමක් ලබා දෙන මෙන් අපි ඔබට බල කර සිටිමු. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා රටක පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නැති ආණ්ඩුවක් පවත්වාගෙන යානොහැකි බව දීර්ඝ කාලීන දේශපාලන පරිචයක් ඇති ඔබට නොවැටහීම අදහාගත නොහැක්කකි. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර ලෙස කටයුතුකිරීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත් එය අනාගතයේ බරපතල විනාශයන් අත්කර දීමට හේතුවිය හැකි බවත් අවධාරණය කරමු. එවැනි අඳුරු අනාගතයක් මේ රටේ අහිංසක දරුදැරියන්ට උරුම නොකරන ලෙසත් උදක්ම ඉල්ලා සිටිමු.

හෘද සාක්ෂිය, ප්‍රතිපත්ති ගරුකභාවය, බොරු නොකීම, කියූ දේ කිරීම, කරන දේ කීම, වැනි බුදු රජාණන් වහන්සේ වදාළ මූලික ඇගයුම් සියල්ල නිරන්තරයෙන් පන්සල් යන, සතියකට දෙතුන් වතාවක් මහානායක හිමිවරුන්ගෙන් අනුශාසනා ලබන බෞද්ධ යැයි කියාගන්නා දේශපාලනඥයන් විසින් සමච්චලයට, අවඥාවට ලක්කිරීම අතිශයින් ඛේදජනකය.

ජනාධිපතිතුමනි, දැනටමත් බොහෝ පමා වී ඇත. ඔබ හමුවේ ඇත්තේ. රටක, සමස්ත දරු පරපුරක අනාගතය පිළිබද වගකීමයි. මේ රට තව තවත් අඳුරට ගමන් කිරීමෙන් වැළැක්වීමට වහාම ඉදිරිපත් වන ලෙස අපි ඔබට බල කර කියා සිටිමු.

ඉපදුණු සහ ඉපදෙන්නට සිටින දරුවන් වෙනුවෙන් මේ රට ඉතිරි කර දීම මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔබ වෙත මේ මොහොතේ පැවරී ඇති අත්‍යන්ත වගකීම බව නැවතත් මතක් කර සිටිමු.

ශ්‍රී ලාංකික කාන්තාවන් නියෝජනය කරමින් 2018 නොවැම්බර් 28 වනදා ජනාධිපති වෙතට බාර දෙන මේ සංදේශයට එකගතාව පළ කළේ :

  • ස්වර්ණා මල්ලවාරච්චි – (ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී)
  • නීටා ප්‍රනාන්දු – (ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී)
  • උපේඛා චිත්‍රසේන – (ජ්‍යෙෂ්ඨ නර්තන ශිල්පිනී)
  • අනෝජා වීරසිංහ – (ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී)
  • චන්ද්‍රා කලුආරච්චි – (ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී)
  • නිරෝෂා විරාජිනි – (ගායන ශිල්පිනී)
  • මහාචාර්ය දුෂී මෙන්ඩිස් – (කොළඹ විශ්ව විද්‍යාලය)
  • මහාචාර්ය විවිමරී වැන්ඩපූටන් – (ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය)
  • ආචාර්ය සුභා මල්ලිකාහේවා -(කොළඹ විශ්ව විද්‍යාලය)
  • චාන්දනී සෙනෙවිරත්න – (ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී)
  • කෞශල්‍යා ප්‍රනාන්දු – (ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී/විශ්ව විද්‍යාල කථිකාචාරිනී)
  • දිල්හානි අශෝකමාලා – (ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී)
  • දුලීකා මාරපන – (රංගන ශිල්පිනී)
  • සේමිණී ඉද්දමල්ගොඩ – ( රංගන ශිල්පිනී)
  • ආචාර්ය කෞශල්‍යා පෙරේරා – (කොළඹ විශ්ව විද්‍යාලය)
  • බර්නි ඇන්ඩර්සන් – (අධ්‍යාපනඥ)
  • අනෝමා රාජකරුණා – (කථිකාචාර්ය/වාර්තා චිත්‍රපටි අධ්‍යක්ෂිකා)
  • සුබෝධ්‍යා වැලිඅමුණ (නීතීඥ)
  • රුවන්ති ද චිකේරා – ( විශ්ව විද්‍යාල කථිකාචාර්ය/නාට්‍යවේදිනී)
  • ලංකා බණ්ඩාරනායක – (කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා)
  • නිම්මි හරස්ගම – (රංගන ශිල්පිනී)
  • ජයනි සේනානායක – (රංගන ශිල්පිනී)
  • දමිතා අබේරත්න – (රංගන ශිල්පිනී)
  • නිරංනී ෂන්මුගරාජා – (රංගන ශිල්පිනී)
  • අමා විජේසේකර – (රංගන ශිල්පිනී)
  • නදී කම්මැල්ලවීර – (රංගන ශිල්පිනී)
  • ට්‍රේසි හෝල්සිංගර් – (නාට්‍යවේදිනී)
  • සීතා රංජනී – (මාධ්‍යවේදිනී/ලේඛිකා)
  • තනුජා ජයවර්ධන – ( මාධ්‍යවේදිනී)
  • කුමුදු කුමාරසිංහ – (රංගන ශිල්පිනී)
  • නදීශානි පේලිආරච්චි – (රංගන ශිල්පිනී)
  • සුරංගා රණවක – (රංගන ශිල්පිනී)
  • නදී වාසලමුදලිආරච්චි (ලේඛිකා)
  • සන්ධ්‍යා එක්නැලිගොඩ -(සමාජ ක්‍රියාකාරිනී)
  • ජයන්තා රුක්මණී සිරිවර්ධන – (ලේඛිකා)
  • කැත්ලීන් ජයවර්ධන – (ලේඛිකා)
  • තරිදි ෆොන්සේකා (මාධ්‍යවේදිනී/රංගන ශිල්පිනී)
  • සුමුදු මලලගම – (චිත්‍රපට නිෂ්පාදිකා)
  • උදයන්ති කුලතුංග – (රංගන ශිල්පිනී)
  • රන්දි පවී කලුආරච්චි – (ලේඛිකා/චිත්‍රපට අධ්‍යක්ෂිකා)
  • කුමාරි කුමාරගම (ලේඛිකා/සමාජ ක්‍රියාකාරිනී)
  • ස්වෙත්ලානා අබේසේකර – (පිටපත් රචක)
  • චිරන්ති මල්ලිකාරච්චි (ඇදුම් නිර්මාණ ශිල්පිනී)
  • නිල්මිණි බුවනෙක – (රංගන ශිල්පිනී)
  • සමාධි ලක්සිරි – (රංගන ශිල්පිනී)
  • චුලක්ෂි රණතුංග – (රංගන ශිල්පිනී/මෝස්තර නිරූපණ ශිල්පිනී)
  • රුවී ලක්මාලි හේරත් – (රංගන ශිල්පිනී)
  • කාංචනා තල්පාවිල – (ජාත්‍යන්තර තලයේ ඇදුම් නිර්මාණ ශිල්පීනී)
  • සුජානි මේනකා දහනායක – (රංගන ශිල්පිනී)
  • නිල්මිණි සිගේරා- (රංගන ශිල්පිනී)
  • සමනලී ෆොන්සේකා (රංගන ශිල්පිනී)
  • බිම්සරා ප්‍රේමරත්න (රංගන ශිල්පිනී)
  • වෙනුරි පෙරේරා (නර්තන ශිල්පිනී)
  • නිරංජලා මංජරී (ගායන ශිල්පිනී)
  • ශ්‍යාමලිකා නානායක්කාර (මවක්)
  • අනුරාධා කෝදාගොඩ (මාධ්‍යවේදිනි)
  • රන්දුලා ද සිල්වා (වෘත්තික)
  • ෆාතිමා ෂනාස් – (කථිකාචාර්ය/කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ)
  • ගී හංසි හරිනි පෙරේරා – (කළමණාකාරිනී)
  • හනා ඊබ්‍රහිම් (මාධ්‍යවේදිනී)
  • රුචිරා කුරුළුගම – (ගායන ශිල්පිනී/පිටපත් රචක)
  • පූර්ණිමා මුහන්දිරම් – (වෙළද දැන්විම් නිෂ්පාදිකා/රංගන ශිල්පිනී)
  • සෙල්වි සචිතානන්දන් – (ගෘහ නිර්මාණ ශිල්පිනී/සමාජ ක්‍රියාකාරිනී)
  • විශාඛා වේහැල්ල (සමාජ ක්‍රියාකාරිනී)
  • කත්‍යානා අමරසිංහ (ලේඛිකා)
  • තරංගනී රෙසිකා ප්‍රනාන්දු – (ලේඛිකා)
  • ප්‍රසාදිනී අතපත්තු – (රංගන ශිල්පිනී/ගුරුවරියක්)
  • කෞශල්‍යා මෙන්ඩිස් – (ගුරුවරියක්)
  • විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි (ලේඛිකා/ගුරුවරියක්)
  • හර්ෂිකා රත්නායක (නර්තන ශිල්පිනී/රංගන ශිල්පිනී)
  • හංසි දිසානායක – (අංග රචනා ශිල්පිනී)
  • සුලෝචනා වීරසිංහ (රංගන ශිල්පිනී)
  • ධම්මි අබේසිංහ – (මෝස්තර නිරූපණ ශිල්පිනී)
  • චුලාංගනී පල්ලියගුරු – (මවක්)
  • කෞමදී ජයවීර (විශ්ව විද්‍යාල ශිෂ්‍ය)
  • ද්‍රෞපදී ජයවීර (නීති ශිෂ්‍ය)
  • නිමේෂා රංගී ද සිල්වා – (ශ්‍රව්‍ය දෘශ්‍ය කළමණාකාරිනී)
  • භවනීතා ලෝගනාදන් (කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා)
  • තුෂාරි සෙව්වන්දි (මාධ්‍යවේදීනී)
  • අනුෂයා කොල්ලුරේ (සමාජ ක්‍රියාකාරීනී)
  • මනෝහාරී හේවාවසම් (මාධ්‍යවේදිනී)
  • නදීරා නල්ලපෙරුම – (ලේඛිකා)
  • හර්ෂණී පුෂ්පමාලා ආරච්චිගේ – (ලේඛිකා)
  • ආරියවතී ජයකොඩි – (මවක්)
  • තිළිණි රොද්‍රිගු – (ගුරුවරියක්)
  • අමන්දා උදානි රොද්‍රිගු – (ගුරුවරියක්)
  • රුචිරා තරංගනී රොද්‍රිගු – (ගුරුවරියක්)
  • පමිතා ජයසේකර – (විශ්‍රාමික බැංකු කළමනාකාරිනී)
  • ඉන්ද්‍රා ද සිල්වා – (මවක්)
  • බුද්ධිනි ජයවර්ධන – (මාධ්‍යවේදිනී)
  • හිමංසි දෙහිගම – (මවක්)
  • මනෝරි කලුගම්පිටිය – (මාධ්‍යවේදිනී)
  • සිරියාවති අතුකෝරළ – (මවක්)
  • මනෝ මංජරී – (ව්‍යාපාරික)
  • රංජනී ජයසේකර – (මවක්)
  • සිවලිංගම් අනූ ( සමාජ ක්‍රියාකාරිනී)
  • සමදරා මාබුලගේ – (රංගන ශිල්පිනී)
  • කුමාරි කලුගම්පිටිය – (මවක්)
  • තිලක්ෂිණී රත්නායක – (රංගන ශිල්පිනී)
  • යශෝධා රසදුනි – (රංගන‍ ශිල්පිනී)
  • පමෝදිනි විජේනායක – (වෘත්තික)