එංගලන්තය 17 පහළ ලෝක පාපන්දු ශුරතාව දිනාගතී

පසුගිය සෙනසුරාදා ඉන්දියාවේ කල්කටාහි පැවැති වයස අවුරුදු 17න් පහළ ලෝක පාපන්දු ශුරතා අවසන් තරගයෙදී ස්පාඤ්ඤ කණ්ඩායම පරදා ශුරතාවය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

අවසන් තරගයේදී ස්පාඤ්ඤ කණ්ඩායම පරදා ගෝල 5-2ක විශිෂ්ඨ ජයක් ලබන්නට එංගලන්ත ක්‍රීඩකයින් සමත්විය. හැට පන් දහසකට වැඩි ක්‍රීඩා ලෝලීන් පිරිසක් මෙම අවසන් තරගය නැරඹීමට පැමිණ සිටි බව වාර්තාවේ.

මෙම තරගාවලයේදී විශිෂ්ඨතම පාපාන්දු ක්‍රීඩකයාට හිමිවන සම්මානය එංගලන්ත 17 පහළ කණ්ඩායමේ  පිලිප් ෆොඩන්ට හිමිවිය.

මේ වන විට එංගලන්තය 20 පහළ ලෝක පාපන්දු ශූරතාවයද දිනාගෙන තිබේ. වසර 50කට පසුව මෙවැනි ශුරතා දෙකක් දිනා දිනාගැනීමට එංගලන්තයට හැකියාව ලැබී ඇති බව වාර්තවේ.

මෙම වසරේ ජුනි මස පැවැති 20 පහළ ලෝක පාපන්දු ශූරතාවලියෙදී වෙනිසියුලාව පරාජයට පත්කරමින් එහි ශුරතාවයද එංගලන්තයට හිමිකර ගැනීමට සමත්විය.

Madanayaka :