Posted on 03.30.2019 by Chandana Sirimalwatte in ක්‍රීඩා පුවත් with 0 Comments
ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර
විස්සයි විස්ස තරගාවලියේ මුල් තරග දෙකම ජයගනිමින් තරගාවලිය ජය ගැනීමට එංගලන්ත පිල සමත් විය.
පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුළු 8 කින් ජයගැනීමට එංගලන්ත පිල සමත් වූ නිසා තරගාවලියේ ජය හිමි කර ගැනීමට එංගලන්ත කාන්තා පිල සමත්ව තිබේ. පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ තරගයේ ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවි ලකුණු 108ක් රැස් කර ගත්තේය.
එහිදි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු රැස් කළ ලකුණු සංඛ්‍යා 24කි. එංගලන්තය වෙනුවෙන් කැත්‍රින් බ්‍රේන්ට් ලකුණු 31 ට දවා ගත් කඩුළු සංඛ්‍යාව 2 කි. ලකුණු 109ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත කාන්තා පිල පන්දුවර 13 යි පන්දු 5කදී කඩුළු 2 ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසු කර ගියේය.