Posted on 03.14.2019 by Chandana Sirimalwatte in ක්රීඩා පුවත් with 0 Comments
දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන 5 වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් පසු ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
දකුණු අප්‍රිකා සංචාරක තරගාවලියේ මේ දක්වා පැවැති තරග හතරම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමෙන් පසුව තීරණය කළ මේ වෙනස්කමත් සමග 20යි 20 තරගාවලියේ පුහුණුකාර ධූරය සඳහා ස්ටීව් රික්සන් පත් කර ඇති බව ක්‍රිකට් ආයතනය පවසයි.
දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන 5 වැනි අවසන් එක්දින ක්‍රිකට් තරගය මාර්තු 16 වනදා පැවැත්විමට නියමිතයි.