එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අලුත් සන්ධානයක්

ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ සමඟ සන්ධාන ගතවූ නව දේශපාලන සන්ධානයක් ලියාපදිංචි කරන බව රනිල් වික්‍රමසිංහ කොළඹදී ඊයේ(28) පවසා තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ක්‍රියා කිරීම එම දේශපාලන සන්ධානයේ මූලික අරමුණ බවද ඔහු පවසා ඇත.

මෙම පුළුල් සංවිධානය වටා ඇති එකම බලය ජනතා බලය බව කී රනිල් වික්‍රමසිංහ මහතා අර්බුදය සම්පූර්ණයෙන් පරාජය කර කුමන්ත්‍රණකාරී අර්බුදය සම්පූර්ණයෙන් පරාජය කර කුමන්ත්‍රණ කාරී දේශපාලනයෙන් තොර යහපත් රටක් නිර්මාණය කිරීම එම පුළුල් දේශපාලන සන්ධානයේ අරමුණ බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පළාත් පාලන නියෝජිතයන් සමඟ පැවැති රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබුණි.

Sithara Sajeewani :