පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමට ජනාධිපතිවරයාට ඇති බලතල වෙනස් කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයෙන් පර්ලිම්නේතුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක පවසා තිබුණි.
කථානායකවරයාගේ ලිඛිත අවසරයකින් පමණක් එවැනි කල් දැමීමක් කළ හැකි ආකාරයට යෝජනාව ඉදිරිපත් කරන බවද ඔහු පවසා තිබුණි.
2015 වසරේ පත්වූ එජාපය ප්‍රමුඛ ආණ්ඩුව දුන් පොරොන්දු අතර ප්‍රධාන පොරොන්දු දෙකක් වූවේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. නමුත් එම පොරොන්දු දෙක ඉටු නොකෙරිණි. අවසානයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදුවිය. අවසානයේ විධායක ජනාධිපති ක්‍රමයම ඔවුන්ට පාරා වළල්ලක් විය. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ජනතාව ඉල්ලූ විට නොසළකා හැර ඔවුන්ට කරදරයක් වූ විට එට වෙනස්කිරීම වෙනුවෙන් යෝජනා ගෙන ඒමට උත්සාහ දරමින් සිටියි. අනිත් අතින් එය අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම වැනි වැඩකි.