Posted on 09.20.2018 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
රුසියානු දේශසීමාව ආසන්න පිහිටි රටක් වන පෝලන්තයේ ස්ථීර එ.ජනපද හමුදා කදවුරක් පිහිටුවීමේ යෝජනාවක් ට්‍රම්ප් පරිපාලනය විසින් පෝලන්තතය වෙත ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරති.
පෝලන්තය යනු 1999 වසරේ සිට නෙටෝ සාමාජිකයකුව සිටින අතර පසුගිය දශක කිහිපය තුල නෙටෝ හමුදා සමග ඒකාබද්ධ යුධ අභ්‍යාස ගණනාවක් පෝලන්තයේ නෙටෝ සාමාජික රටවල්වල හමුදා සමග නිරතව තිබේ.
කෙසේ වෙතත් රුසියාව ආසන්නනේ එ.ජනපදය සිය මිලිටරි කදවුරක් ස්ථිරව ස්ථාපිත කරනු ලබන්නේ රුසියාව සමග වන උපාය මාර්ගිය මිලිටරිමය ගැටුමකදී රුසියාවට ක්ෂණික ප්‍රහාරයන් එල්ල කිරීමේ අරමුණෙනි.
එ. ජනපද හමුදා කදුවරක් පිහිටුවීමේ මෙම සාකච්ඡාව වොෂිංටනය ගෙන තිබෙන්නේ පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රසිජ් ඩුඩා වොෂින්ටහි නිල සංචාරක මේ දිනවල නිරතව සිටින අතරතුරය.
ඔහු පවසා ඇත්තේ තම රට මෙම යෝජනාව ඉතා ඉහළින් පිළිගන්නා බවත් ඒ සදහා වන වියපැහැදම් ප්‍රමාණයක් දැරීමටද තම පාලනය සුදානම් බවකි.
රුසියාව මේ පිළිබදව සිය කණස්සල්ල පළකර තිබෙන අතර නෙටෝ හමුදා හා එ.ජනපද කදවුරු සිය දේශසීමව ආසන්නයේම ස්ථාපිත කිරීම පිළිබදව දැඩි අවධානය යොමුකරන බව ප්‍රකාශ කර තිබේ.