Posted on 07.30.2017 by Nishshanka in විදෙස් පුවත් with 0 Comments
පෝලන්ත ජනාධිපති ඇන්ඩ්රසිජ් ඩුඩා විසින් නව අධිකරණ නීති වෙනස් කිරීමට එරෙහිව රට පුරා දැවන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුනි. විශේෂයෙන් එරට විපක්ෂ කණ්ඩායම් මෙම උද්ඝෝෂණ සදහා නායකත්වය දෙනු ලැබීය.
මෙම උද්ඝෝෂණ පැවතියක් පෝලන්ත ආණ්ඩුව සිය යෝජිත අධිකරණ නීති ප්රථිසංස්කරණයන් ක්‍රියාත්මක කරනු ලැබීය. යුරෝපා හවුලේ සාමාජිකත්වය දරන පෝලන්තයේ මෙම ක්‍රියා මාර්ගයට යුරෝපා සංගමයේ විරෝධය පළව තිබේ.
මාසයක් තුල යුරෝපා සංගමය හමුවේ පෝලන්තය මේ පිළිබදව කරුණු ඉදිරිපත් කළයුතු අතර එම කරුණු ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි නම් යුරෝපා පාර්ලිමේන්තුවේ ඡන්දය දීමේ බලය පොලන්තයට අහිමිවීමටද ඉඩ තිබෙන බව වාර්තාවේ.
අධිකරණයට කරනු ලබන නව බලපෑම් පිළිබදව කරුණු විමසීම සදහා යුරෝ සංගමයේ උප සභාපතිවරයා විසින් පෝලන්ත විදෙස් කටයුතු ඇමැතිවරයාට යුරෝපා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව වාර්තාවේ.පෝලන්ත පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් නව පනත් දෙකක් සම්මත කිරීමට පසුගියදා සමත්විය.
නව අධිකරණ නීති ප්‍රතිසංස්කරණයන්ට අනුව එරට අධිකරණ ඇමැතිවරයාට අධිකරණ ක්ෂේත්රයේ බලතල වැඩිකර ඇති බව වාර්තාවේ. මේ අනුව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් පත්කිරීමේ බලයද හිමිව ඇති බව වාර්තාවේ.ඊට අමතරව විනිසුරුවරයන්ගේ සේවා කාලය දික් කිරීම, මාර කිරීම හා පත්කිරීම යන කරුණුද, විශ්‍රාම ගැනීමේ වයස් සීමාවද පිරිමි හා කාන්තාවන් සදහා වයස් කාණ්ඩ දෙකක් බවට පත්කර ඇත.
මේ අනුව විනිසුරුවරයකුගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වසර 65 දක්වාද විනිසුරුවරියකගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වසර 60 දක්වාද වෙනස් කර ඇතැයි වාර්තාවේ. නව නීති අනුව සමාන අවස්ථා පෝලන්ත කාන්තාවන්ට අහිමිකර ඇති බවද චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.