ඒකාබද්ධ හමුදා මූලස්ථානයක් පිහිටුවන්න යෝජනාවක්!

රට තුළ ඇතිව තිබෙන ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන, පසුගිය යුද සමයේ පැවති ආකාරයෙන් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයක් (JOC) පිහිටුවන්නට අදහස් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සර්වපාක්ෂක රැස්වීමේදී පවසා ඇත.

ජනාධිපතිවරයා එහිදී සියලුම පක්ෂවලින් ඉල්ලා ඇත්තේ දේශපාලන මතබේද හෝ අරමුණු පසෙක තබා මෙම ගැටලුවේදී සාමකාමී තත්වයක් ඇතිකරන්නට ආණ්ඩුවට සහ නීතිය බලාත්මක කරන ආයතනවලට සහයෝගය දෙන ලෙසයි.

මෙම අන්තවාදීන් මර්දනය කරන්නට කටයුතු කරන බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලය කැදවන ලද මෙම හමුවේදී දැනට ආණ්ඩුව විසින් ගෙන ඇති පියවර එහිදී පක්ෂ නියෝජිතයන්ට වාර්තා කර ඇත.

එහිදී සියලු ලාංකිකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කවරකු වවුද අත්අඩංගුවට ගැනීමට හා ප්‍රශ්න කිරීමට ත්‍රස්වාදය වැළැක්වීමේ නීති අනුව පොලිසියට හා ත්‍රිවාධ හමුදාවට හැකි බවද දන්වා ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පො.පෙ. බැසිල් රාජපක්ෂ, දෙමළ ජාතික සන්ධානයේ ආර්.සම්පන්දන්, ජ.වි.පෙ. විජිත හේරත්. ම.එ.පෙ. දිනේෂ් ගුණවර්ධන, ජා.හෙ.උ. චම්පික රණවක, කො.ප. ඩිව් ගුණසේකර, ජා.නි.පෙ. විමල් වීරවංශ, පි.හෙ.උ. උදය ගම්මන්පිල, බ.ජ.පෙ. මනෝ ගනේෂන්, මු.කො. රවුෆ් හකීම්, රිෂාර්ඩ් බදුර්දින්, ක.ජ.පෙ. පලනි දිගම්බරම්, රාධ ක්‍රිෂ්නන්, ඊ.ප්‍ර.ජ.ප. ඩග්ලස් දේවානන්දා, ල.ස.ස.ප. තිස්ස විතාරණ සහ අසාද් සාලි යන නියෝජිතයන් මෙම රැස්වීමට සහභාගි වී සිටි බව වාර්තා වේ.

Chandana Sirimalwatte :