Posted on 12.07.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යුද සමයේදී ආධාර පිණිස රැස්කරගත් රත්රන් තොග වළ දැමූ බවට සැක කෙරෙන ස්ථානයක කැණීම් නිශ්ඵල නිසා ඒම කැණීම් අවසන් කිරීමට තීරණය කර ඇත.
එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් එම ප්‍රදේශයේ රත්‍රං වළදමා ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලිසියට ලද තොරතුරක් මත මෙම කැණීම් පරීක්ෂණ ආරම්භ කරණ ලදී.
රත්‍රං ගොඩගැනීම සඳහා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කළ කැණීම් රැසක් උත්සාහ කළද කිසිවක් සොයා ගැනීමට නොහැකි වීම නිසා එය අත්හිටුවන ලදී.
මුලතිව් පොලිසිය ලබා ගත් අධිකරණ නියෝගයකට අනුව මුලතිව් මහේස්ත්රාත්වරයාගේ අධීක්ෂණය යටතේ පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සහය ඇතිව දෙසැම්බර් 6 වැනිදා යළි කැණීම් කටයුතු ආරම්භ කෙරිණි.
කෙසේවෙතත්, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ ලේකම්වරුන් දෙදෙනකු අදාළ ස්ථානයෙන් රත්‍රං ගොඩගැනීමට ගත් උත්සාහය නිසා මෙම රත්රන් කැණීම් නැවත අවධානයට ලක්විය.
කෙසේවෙතත් කැණිම්වලින් කිසිදු ප්‍රතිඵලදායක් යමක් සිදු නොවීමත් සමග කැණීම් අත්හිටුවීමේ නියෝගය මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා විසින් ලබා දී ඇත.
මින් පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ඒල්ටීටීඊ සංවිධානයට අයත් රත්රන් තොග හොර රහසේ කොල්ල කා කොළඹ වෙත ගෙන යාම සම්බන්ධ ඉහළම පෙළේ සුප්‍රකට කාන්තාවක් උසස් පොලිස් නිලධාරින් ඇතුළු පිරිසකට චෝදනා එල්ල විය. ඒ සම්බන්ධ ප්‍රවත් ප්‍රචාරය කළ ප්රමුඛ පෙළේ ජනමාධ්‍ය ආයතන පවා ආරක්ෂක අංශවල තර්ජන මගින් නිහඩ කරන ලදී.